මුද්‍රණය සඳහා

 
තාත්තයි පුතයි දෙන්නම පන්කාදු පහයි

තාත්තයි පුතයි දෙන්නම පන්කාදු පහයි

දැව ආශ්‍රිත ගෘහ භාණ්ඩ නිර්මාණකරණයට අතගසා සිටින නිර්මාණශීලී පිය - පුතු එකතුවක් විසින් බිහි කරන ලද අපූරු ලීයෙන් නිම වූ විදුලි පංකාවක් ඉකුත්දා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ දී පැවැති සබරගමු කර්මාන්ත දෙදින ප්‍රදර්ශනයක දී බොහෝ දෙනකුගේ අවධානය දිනා ගැනීමට සමත් විය.

මේ විදුලි පංකාව වොල්ට් 12ක විදුලිය මෝටරයක් මඟින් ක්‍රියා කෙරෙන අතර ගසක මුල කොටසින් මෙය නිර්මාණය කළ බව වී.වී. භාග්‍ය විදුමාල් (පුතා) සහ වී.වී. පේමරත්න (පියා) ‘දිනමිණ’ ට කීහ.

අවශ්‍ය යන්ත්‍ර සූත්‍රය ලද හොත් මෙබඳු නිර්මාණ තව තවත් බිහි කිරීමට හැකි බව ද ඔවුහු කීහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]