මුද්‍රණය සඳහා

 
වල්ලාපට්ටා කිලෝ 74ක් සමඟ 4ක් අත්අඩංගුවට

වල්ලාපට්ටා කිලෝ 74ක් සමඟ 4ක් අත්අඩංගුවට

මාකොළ, ගල්වලහන්දියේ දලුග්ගල ප්‍රදේශයේ ඉඩමක තිබූ වල්ලාපට්ටා ගසක් කපා දමා වල්ලාපට්ටා කිලෝ 74 ක් රැගෙන යාමට සූදානමින් සිටි සිවුදෙනකු සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මාකොළ හා කිරිබත්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වූ මේ සිවුදෙනා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. ජී. එස්. ආර්. සංජීව, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත ජයකොඩි, සැරයන් බන්දුල (59118) හා පො. කො. අබේරත්න (19334) නිලධාරීහු ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ වැටලීම සිදු කළහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]