මුද්‍රණය සඳහා

 
නවසීලන්තයට ජය

නවසීලන්තයට ජය

ඉන්දියාව සමග ඊඩන් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේ ලකුණු 40ක ජයක් නවසීලන්තයට හිමිවිය.

දෙවැනි ඉනිමේදී තරගය ජයගැනීමට හිමිවු ලකුණු 407ක ඉලක්කය හඹාගිය ඉන්දීය පිලට සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 366ක් පමණි.

නවසීලන්තය පළමු ඉනිමට ලකුණු 503ක් රැස්කළද දෙවැනි ඉනිම ලකුණු 105කට සීමාවිය.

පිළිතුරු ලෙස ඉන්දියාට පළමු ඉනිමේදී ලබාගත හැකිවුයේ ලකුනු 202ක් පමණි.

ඉන්දීය පිල ජයග්‍රහණය කරාගෙන යෑමට උත්සාහ කළ ශිකාර් ධවාන් ලකුණු 115ක් හා විරාට් කෝල් ලකුණු 67ක් රැස් කළේය. පළමු ඉනිමේදී ලකුණු 224ක් ලබාගත් නවසීලන්ත පිලේ නායක ‍බ්‍රෙන්ඩල් මැකලම් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]