තුර්කිය අන්තර්ජාලය තහනම් කරයි

තුර්කිය අන්තර්ජාලය තහනම් කරයි

තුර්කියේ අන්තර්ජාල ක්‍රියාකාරකම් තහනම් කරමින් පනවා ඇති නව නීති හේතුවෙන් එරට උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වී ඇත. උද්ඝෝෂණවල නිරත වූ 2000කට අධික විරෝධතාකරුවන් විසුරුවා හැරීමට තුර්කි කැරලි මර්දන පොලිසිය විසින් කඳුළු ගෑස් , ජල ප්‍රහාර සහ ග්‍රෙනේඩ් පාවිචිචි කර තිබේ . ටක්සිම් චතුරස්‍රයේ පැවැත් වූ විරෝධතාවන්ට වැඩිවශයෙන් සහභාගි වී සිටියේ තරුණයන් බව සඳහන්වේ. විරෝධතාකරුවන් ද පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇත.

අන්තර්ජාල කටයුතු සීමා කිරිමට ගෙන ඇති මෙම පියවර දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ප්‍රබල ආන්දෝලනයට ලක්වී තිබේ. තුර්කි පාර්ලිමේන්තුව විසින් බදාදා සම්මත කළ මෙම නව නීතිවලට එරෙහිව නැගෙන චෝදනා අගමැති රීසෙප් එර්ඩගොං විසින් සෙනසුරාදා ප්‍රතික්ෂේප කර ඇත. ඔහු පවසා ඇත්තේ නව නීති හේතුවෙන් අන්තර්ජාලය වඩා සුරක්ෂිත සහ නිදහස් එකක් වනු ඇති බවයි. අන්තර්ජාලය ඔස්සේ පුද්ගලික තොරතුරු එක්රැස් කර නොගන්නා බවද ඔහු සහතික වී ඇත .

මේ අතර නීතියේ ආධිපත්‍ය සහ මාධ්‍ය නිදහස සීමා කරන නීති රීති ද එර්ඩගොං ඉදිරියේ දී පනවනු ඇතැයි විශ්වාස කෙරේ. තුර්කි රජය විවේචනය කිරීම හේතුවෙන් අසීරි මාධ්‍යවේදියෙක් පසුගිය සිකුරාදා එරටින් පිටමංකර තිබේ. මේ අතර අමෙරිකාවේ සිට ක්‍රියාත්මක වන නිදහස් මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පවසා ඇත්තේ තුර්කි රජය විසින් මාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් මෙලෙස නෙරපා හැර ඇති බවයි. රජයේ බලධාරීන් මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමත් සුලභ සිද්ධියක් බව එම සංවිධානය පවසයි.w

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා