මුද්‍රණය සඳහා

 
ඊජිප්තු ජනාධිපතිවරණයට කැරලි නායකයෙක්

ඊජිප්තු ජනාධිපතිවරණයට කැරලි නායකයෙක්

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මෝර්සි බලයෙන් පහ කිරීමට ප්‍රබල භූමිකාවක් සිදු කළ කැරලි නායකයකු වූ හම්ඩින් සභාහි ඊජිප්තු ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව සෙනසුරාදා ප්‍රකාශ කර තිබේ. ඔහු තරඟ වදිනු ඇත්තේ දැනටමත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්කර ඇති හමුදා නායක අබ්දෙල් ෆාටා අල්-සිසී ට එරෙහිවය. සමාජවාදියෙකු වූ සභාහි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමෙන් හමුදා පාලනය සම්බන්ධයෙන් ඇතැම් ඊජිප්තු ජාතිකයන් සෑහීමකට පත් වී නැති බව පෙන්නුම් කරන බව විචාරකයෝ පවසති.

අප්‍රේල් මැද පැවැත්වීමට නියමිත ඊජිප්තු ජනාධිපතිවරණයෙන් සිසී ට ජය අත්වනු ඇතැයි අනාවැකි පළ වේ. වසර 2012 මොර්සි බලයට පත් වූ ජනාධිපතිවරණයේ දී තුන්වන ස්ථානය හිමිකර ගත්තේ සභාහිය. හමුදා රජය විසින් පවත්වන ජනාධිපතිවරණය මොර්සිගේ මුස්ලිම් සහෝදරත්ව සංවිධානය විසින් වර්ජනය කිරීමට තිරණය කර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]