මුද්‍රණය සඳහා

 
මරණ දැන්වීම්

 

 

 

උපසේන දළුගොඩ මහතා - (මාතර තුඩාව වෙළඳ ව්‍යාපාරික) චිත්‍රා නිලංගනී බෝගහවත්තගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ලේක්හවුස් දිනමිණ තිනකරන් දැන්වීම් කළමනාකරු සුරංග ජීවක දළුගොඩ මහතා, නිමේෂා රසාංගනී දළුගොඩ - ලේක්හවුස් (ගිණුම් අංශය), චමිලා ප්‍රියංගනී දළුගොඩ (නැසීගිය) යන අයගේ ආදරණීය පියාණන්වූද, නෙළුම් ෆොන්සේකා (ලේක්හවුස් අරමුදල් කළමනාකරණ) සජීව සේනානායක (ලේක්හවුස් ලුහුඬු දැන්වීම් අංශය) ආදරණීය මාමණ්ඩිය වූද, මල්මි, මෙතුක, සනුත්මි, සෙනිත් ගේ ආදරණීය සීයාවූද, මාටින් දළුගොඩ (නැසීගිය) සෞව්දියස් දළුගොඩ (නැසීගිය) යසවතී දළුගොඩ, නන්දසේන දළුගොඩ (වෙළඳ ව්‍යාපාරික), ප්‍රේමදාස දළුගොඩ, මළණුවන් වූද කරුණාවතී දළුගොඩගේ අයියණ්ඩිය වූද, උපසේන දළුගොඩ මහතා අභාවප්‍රාප්ත විය. කඩවත, ගණේමුල්ල පාර මංගල මාවතේ 149/18 දරණ නිවසේ දේහය තැන්පත් කර ඇත. අවසන් කටයුතු පෙබරවාරි 16 දින ප.ව. 4.00 ට එඬේරමුල්ල ආදාහනාගාරයේදී සිදු කෙරේ.


කඹුරුපිටියේ කහවෙල 'සිංහගිරි' නිවසේ විසු කේ. පී. නෝනාහාමි (එන් සුදුසිංහ) - මහත්මිය පරලොව සැපත් වූවාය. පද්මිණි සුදුසිංහ, ඉන්ද්‍රානි සුදුසිංහ (ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ විශ්‍රාමික) සුනීතා චන්ද්‍රකීර්ති (ශ්‍රී ලංකා ට්‍රැක්ටර් සංස්ථාව විශ්‍රාමික) ශ්‍රියාලතා සුදුසිංහ, සීසර් සුදුසිංහ (ලේක්හවුස් - කර්තෘ බුදුසරණ) චාමිකා සුදුසිංහ යන අයගේ ආදරණීය මෑණියන් වන අතර පරලොව සැපත් එන් සුදුසිංහ මහතාගේ ආදරණීය බිරිඳ වේ. පරලොව සැපත් වන විට 86 වන වියේ පසුවූ එම මහත්මියගේ දේහය බත්තරමුල්ල ජිනානන්ද මාවතේ 33/15 දරණ නිවසේ තැන්පත් කර ඇත. 15 වන සෙනසුරාදා සවස 3.00 ට බත්තරමුල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. සියලුම ඥාති හිතමිතුරන් වෙතට මෙයින් දැනුම් දෙනු ලැබේ. මෙයට ශෝකයට පත් දරු පිරිස.


ද සිල්වා - ශිරානි (විවාහයට පෙර සමරසිංහ) ලයනල් ස්ටැන්ලි (ටෝනී) ගේ ආදරණීය භාර්යාවවූද නැසීගිය මාක් සහ පර්ල් සමරනායක දියණියවූද, තනුජා සහ රත්න දේශප්‍රිය රුවන් සහ තනුජා, ඩිලිනි සහ රමේෂ් පෙරේරාගේ මෑණියන්වූද, ටිරෝන් සහ දමයන්තිගේ සොහොයුරිය වූද, ශිරානි ද සිල්වා මහත්මිය පෙබරවාරි 10 වන දින ප්‍රංශයේ පැරිසියේදී අභාවප්‍රාප්ත වූවාය. දේව මෙහෙය පෙබරවාරි 15 වන දින ප.ව. 1.00 ට පැරිසියේ 50 ඇවනිව් හොෂේ 75008 සාන්ත ජෝසප් දේවස්ථානයේදී පැවැත්වෙන අතර භුමදානය ප.ව. 3 ට ප්‍රංශයේ 69 ඇවනිව් මිෂෙල් 93400 සෙන්ට් ඔවෙන් සර්න්බෙරා පැරිසියන් ඩි සෙන්ටි - ඔවෙන්හිදී සිදු කෙරේ.


නිමල් රණතුංග - කුසුම් රණතුංගගේ (විශ්‍රාමික ආචාරිණී ආනන්ද විදුහල කොළඹ 10) ආදරණීය ස්වාමි පුරුෂයාවූද, චානක රණතුංගගේ ආදරණීය පියාණන් වූද, නිමල් රණතුංග මැතිතුමා (විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ කොළඹ සහ හිටපු අධ්‍යක්ෂ අධ්‍යාපන අංශය හෙල්ප්ඒජ් ආයතනය) අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු කිරුළපන පොදු සුසාන භූමියේදී පෙරවාරි 14 වන සිකුරාදා සවස 4 ට සිදු කරනු ලැබේ. අංක 44, ඇවරිහේන පාර, කොළඹ 05.


මහානාම සිරිවර්ධන දෝන ප්‍රැන්සිනා මාතාව (මැදගම හාමිනේ) නැසීගිය මහානාම ගීගන ගමගේ දොන් ජන්දිරිස් මහතාගේ භාර්යාවවූද, නැසී ගිය ලීලාවතී මහානාම සහ සිරිසේන මහානාම යන අයගේද, ජිනදාස මහානාම (විශ්‍රාමික නාගරික ලේකම්) ගුණපාල මහානාම, ප්‍රේමසිරි මහානාම (බෙලිගල්ල මහ විදුහල) සිරිපාල මහානාම (වෛද්‍ය අධිකාරි මූලික රෝහල කහවත්ත) එස්. මහානාම (දිසා විනිසුරු බදුල්ල දිසා අධිකරණය) යන අයගේ ආදරණීය මෑණියන් වූ ඇත්ගාල්මුල්ල පොළොම්මාරුව ගෙදර විසූ මහනාමා සිරිවර්ධන දෝන ප්‍රැන්සිනා මහත්මිය වසර 94 ක් ආයු ලැබ 2014.02.12 දින අභාවප්‍රාප්ත වූවාය. අවසන් කටයුතු 2014 පෙබ 14 වන දින පෙ.ව. 4.00 ට පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ. මෙයට දූ දරුවෝ ඇත්ගාල්මුල්ල, පොලොම්මාරුව ගෙදර, විතාරන්දෙනිය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]