සංගක්කාරගෙන් විශිෂ්ට ශතකයක්

එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශය සමග මීර්පූර්හිදී පැවැති දෙවැනි තරගය ලකුණු 61කින් ජයගනිමින් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත්විය.

විස්තර»


රජීව් ඝාතකයන් නිදහස් කිරීමේ තීරණයට රාහුල් ගාන්ධිගේ දැඩි නොසතුට

ඉන්දීයාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරිමට 1991දී සැලසුම් කළ සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඔහු ඝාතනය කිරීමේ චෝදනාව මත සිරගතව සිටි සැකකරුවන් හත් දෙදෙනා නිදහස් කරන ලෙස....

විස්තර»


ඔබ අවංකව කටයුතු කරනවා නම්, ඔබ වෙනුවෙන් උත්තර බඳින්නේ අපි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
17-02-2014 දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව‍





ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

දිසා තුනේ යටිතල පහසුකම් නංවන්න රු. කෝටි 5000ක්

කුරුණෑගලට කෝටි 2000යි; පුත්තලමට  1000යි; කෑගල්ලට 2000යි

මාර්ග-විදුලිය-පානීය ජලය-නිවාස මුල්තැන

දිස්ත්‍රික්ක තුනේ ලක්ෂ 33ක ජනතාවට ප්‍රතිලාභ

ජනතාව ළඟටම ගොස් ඔවුන්ගේ ගැටලුවලට විසඳුම්

අටවැනි දැයට කිරුළින් පිබිදුණු කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්ක තුනේ පොදු යටිතල පහසුකම් නැංවීමට රජය රුපියල් මිලියන පනස්දහසකට අධික මුදලක් වැය කළ බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා “දිනමිණ”ට ප්‍රකාශ කෙළේය.

විස්තර»

ආරක්ෂාවට පොලිසියෙන් 6000ක්

දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය කාලයේ එහි ආරක්ෂක රාජකාරි ‍වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6000ක් යොදා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. සොරකම් හා කොල්ලකෑම් සම්බන්ධයෙන් විවිධ පළාත්වලින් පැමිණිය හැකි ලියාපදිංචි අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ඒ ඒ ප්‍රදේශවලින් ගෙන්වාගත් අපරාධකරුවන් හඳුනාගත හැකි 433කින් යුතු විශේෂ නිලධාරීන්....

විස්තර»

රජිව් ගාන්ධි ඝාතනයේ මිනීමරුවන්  නිදහස් කිරීමට තමිල්නාඩුව ගත් තීරණය

ඝාතකයන් නිදහස් කිරීම අත්හිටුවන්නැයි ඉල්ලා ඉන්දීය රජයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඉන්දියාවේ හිටපු අගමැති ශ්‍රී රජිව් ගාන්ධි ඝාතනය සමස්ත ඉන්දීය ආත්මයටම එරෙහිව එල්ල කළ ප්‍රහාරයක් බව ඉන්දීය අගමැති මන් මෝහන් සිං මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

විස්තර»

අටවැනි දැයට කිරුළ නිමිත්තෙන් දිනමිණ ජාතික පුවත්පත සමඟ බෙදාහරින දැයට කිරුළ විශේෂ අතිරේකය ඊයේ (20) ලේක්හවුස් ආයතනයේ දී එළිදැක්විණි. විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා වෙත ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා එහි පළමු පිටපත පිළිගැන් වූ අයුරු. අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. ගෝඨාභය ජයරත්න, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් යන මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය - සමන්ත වීරසිරි

 

සමාජ ජාල මාධ්‍යවල අනිසි බලපෑම් අඩු කරන වැඩපිළිවෙළක් හදන්න අවධානය යොමු කරනවා

- ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

සමාජ ජාල මාධ්‍යවලින් ජනතාවට සිදුවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා යම් උපාය මාර්ගික වැඩපිළිවෙළක් සැකසිය හැකිදැයි තමන් සොයා බලන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

විස්තර»

පත්තර මහගෙදරට පැමිණීමට ලැබීම ජීවිතයේ සදා මතක සිටින සමරුවක්

- ඇමැති රංජිත් සියඹලාපිටිය

පත්තර මහ ගෙදරට පැමිණීමට ලැබීම ජීවිතයේ සදා මතක සිටින සමරුවක් බව දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශන කමිටු සභාපති සහ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

විස්තර»

දැයට කිරුළ වසර අටක මතක පොත ජනපතිඳුන්ට...

දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය පිළිබඳව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා රචනා කළ “දැයට කිරුළ වසර අටක මතක පොත” කෘතිය අරලියගහ මන්දිරයේ දී ඊයේ (20) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන් වූ අයුරු. විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහත්වරුද මෙහි වෙති. ඡායාරූපය - සුදත් සිල්වා



 


 

රාහුගේ මණ්ඩලේ නැති ග්‍රහයින් ආපි
ඉහළ සිටින ග්‍රහයින් ටික ඔරවාපි
මණ්ඩල කචල් වී අලි ජරමර දාපි
බීවොත් ඇඟට අල්ලයි රජගෙයි කෝපි