කොළොන්නාවේ ජනතාව කවදත් එඩිතර තීන්දු තීරණ ගත් උදවියයි

කොළොන්නාවේ ජනතාව කවදත් එඩිතර තීන්දු තීරණ ගත් උදවියයි

- හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

කැලණි මිටියාවත ඇතුළු කොළොන්නාව ජනතාව දේශපාලන භූමියේ කවදත් එඩිතර තීන්දු තීරණ ගත් අය බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ප්‍රකාශ කළාය.

ප්‍රේමචන්ද්‍ර මෙනවිය මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ වාම බලවේගවල සාමාජිකයන් පිරිසක් කොළොන්නාවේ දී අමතමින්ය. එහි දී වැඩිදුරටත් කතා කළ ඇය ටී.බී.ඉලංගරත්න මහත්මයා වැනි ජනතාවා දී නායකයන් ඇතුළු වාමවාදී නායකයන් රටේ වැඩ කරන පන්තියේ සුබසාධනයට මහඟු සේවාවන් ඉටු කළ වෘත්තීය සමිති නායකයන් මේ ප්‍රදේශයෙන් රටේ තීරණාත්මක අවස්ථාවල දී නිර්භීතව කටයුතු කර ඇති බව පෙන්වා දුන්නාය.

එ අනුව එදා කැල්ටෙක්ස්, ෂෙල්, එසෝට් නමින් තිබූ ඉන්ධන බෙදාහරින ආයතන තෙල් සංස්ථාව නමින් ජනසතු කිරීමට, වරාය හා බස් ජනසතු ව්‍යාපාර ඇති කිරීමට ඩී.ඒ‍.පියදාස, පියදාස ආදිපොල, ජේ.ඒ.කේ. පෙරේරා, අයි. ජේ. වික්‍රම සහ මගේ සීයා වන එම්. වයි. ප්‍රේමචන්ද්‍ර යන කම්කරු නායකයන් ක්‍රියා කර තිබෙන අතර ජාතික තලයේ බොහෝ සටන්වලට ඔවුන් ලබාදුන් ශක්තිය තවමත් වැඩ කරන පන්තියේ ඇගයීමට ලක්වන බව පැවසුවාය.

‍වසර 1988 සහ 89 භීෂණ සමය සිහිපත් කළ ඇය තම පියා සමඟ එක්ව සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහ වමේ පක්ෂවල හිතවතුන් මේ දේශපාලන ව්‍යාපාරවල සිටි නිසාම නොයෙක් තාඩන පීඩනවලට ලක්වූ බවට කරුණු දක්වමින් පැවසුවාය.

අද බොහෝ දෙනකු මෑත කාලයේ සිදුවු දේවල් අමතක වුණාසේ සිටියත් සත්‍ය කවදාවත් යට නොවන බව ප්‍රේමචන්ද්‍ර මෙනවිය අවධාරණය කළාය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා