මදුරු මර්දනය අඛණ්ඩව ක්‍රියාත්මක ‍වි‍ය ‍යුතුයි

මදුරු මර්දනය අඛණ්ඩව ක්‍රියාත්මක ‍වි‍ය ‍යුතුයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නි. අධ්‍යක්ෂ ජනරාල්

ඩෙංගු මදුරුවන් වැඩිපුර බෝ විය හැකි ප්‍රදේශ නිරීක්ෂණය කර ‍එම ස්ථාන ඩෙංගු අවදානමෙන් මුදවා ගැනීම සඳහා අඛණ්ඩව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා පවසයි.

ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගත් ස්ථාන පරීක්ෂා කිරීම සහ මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම සඳහා මහජනතාව ද සම්බන්ධ කර ගනිමින් මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කළ බව ඒ මහතා පැවැසුවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය, පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක කමිටුව එක්ව මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් දෙහිවල, කොළොන්නාව යනාදී ප්‍රදේශවල පසුගිය දිනවලදී අඛණ්ඩව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කළ බවත් හෙතෙම කීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා