කුමන බාධක ආවත් නොසැලී රට ජාතිය ශාසනය ආරක්ෂා කිරීමට කැපවී ක්‍රියා කරනවා

කුමන බාධක ආවත් නොසැලී රට ජාතිය ශාසනය ආරක්ෂා කිරීමට කැපවී ක්‍රියා කරනවා

ආචාර්ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමි

කුමන බාධක ආවත් ඊට නොසැලී රට ජාතිය හා ශාසනය ආරක්ෂා කිරිමට කැපවී කටයුතු කරන බව සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති පුජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියෝ පැවැසුහ.

උන්වහන්සේගේ 78 වන උපන් දිනයට සුබ පැතීම සඳහා අගමැති දි.මු ජයරත්න මහතා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඊයේ (20) ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ එසේ ප්‍රකාශ කළහ.

මම මගේ ලෙඩ දුක් ගැන හිතලා නිකන් ඉන්නේ නෑ . මට පැවරිලා තියෙන වගකිම රට ජාතිය වෙනුවෙන් ඉටු කරන්න කැපවි කටයුතු කරනවා. මට තව එක හීනයයි සැබෑකරගන්න තියෙන්නේ. ඒ මේ පිරිවෙන් පරිශ්‍රයේ ඉදි කරන ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ කටයුතු අවසන් කිරිම. ඒකට මට රජයෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ කටයුතු කඩිනමින් ඉවර කර ගන්න ඕන. ඊට මැදිහත්ව සහයෝගය ලබා දෙන ලෙසද නාහිමියෝ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

අපේ ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ලේ වල සිංහල කම හා බෞද්ධ කම තිබෙනවා. ඒක අපේ රටේ වාසනාවක් ” යැයි ද උන්වහන්සේ කියා සිටියහ.

කුසලධම්ම නාහිමියන්ගෙන් රට ජාතිය හා ශාසනයට සිදු වන සේවාව සිහිපත් කර අගය කළ අගමැතිවරයා උන්වහන්සේට තවදුරටත් ශාසනික හා ජාතික කටයුතු ඉටු කිරීමට චිරජීවනය ලැබේවායිද ප්‍රාර්ථනා කළේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා