ලෝකයේ සිදු වන බොහෝ ගැටුම් පිටුපස තෙල් ගල් අඟුරු දේශපාලනයක් තිබෙනවා

ලෝකයේ සිදු වන බොහෝ ගැටුම් පිටුපස තෙල් ගල් අඟුරු දේශපාලනයක් තිබෙනවා

ඇමැති පාඨලී චම්පික රණවක

ලෝකයේ සිදු වන බොහෝ ගැටුම් පිටුපස තෙල් ගල් අඟුරු දේශපාලනයක් තිබෙන බව තාක්ෂණ හා පර්යේෂණ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

බල ශක්ති අර්බුධයට විසඳුම් ලෙස ඉල්ලුමට සරිලන ලෙස බලාගාර ඉදිකිරීම පිළිතුරක් ලෙස තමා නොදකින බව කී ඇමැතිවරයා එයට හොඳම විසඳුම වනුයේ බල ශක්ති ඉල්ලුම පාලනය කිරීම යයිද ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ ( 20 ) කොළඹ පදනම් ආයතනයේ පැවති විදුලි බල අර්බුධය පිළිබඳ හමුවක් අමතමිණි. බල ශක්ති සංසදය සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය මඟින් මෙය සංවිධානය කර තිබිණ.

ගෑස් ගල් අඟුරු සම්පත් බොහෝ ආර්ථිකයන් එහා මෙහා වීමට බලපානවා. විවිධාංගිකරණය බල ශක්ති සුරක්ෂිතතාවයට අවශ්‍යයි.නිසි කළමණාකරණය තුළින් බල ශක්තිය ඉතුරු කර ගත යුතුයි. දුප්පත් රටවලට පරිසර විනාශය දරා ගැනීමට අපහසු බවද චම්පික රණවක ඇමැතිවරයා මෙහිදී පැවැසීය. මේ හමුවට පණිවිඩයක් එවමින් පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ බල ශක්ති ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගනනාවක් පැන නැඟී ඇති මොහොතක ඒ පිළිබඳ කතා කිරීමට ඉදිරිපත්වීම පිළිබඳ බල ශක්ති සංසදයට හා දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයට ස්තුතිවන්ත වන බවයි. ජනාධිපතිවරයා බල ශක්ති ගැටලුව විසඳීමට දුර දිග බලා කටයුතු කරමින් සිටින බවද එහි දැක්වේ. මෑතක් වන තෙක් පුනර්ජනනීය බල ශක්ති භාවිතය සම්බන්ධයෙන් ලංකාව ලෝකයේ ඉහළ තැනක සිටියා.නමුත් මේ වන විට පුනර්ජනනීය බල ශක්තියෙන් ලැබෙන දායකත්වය පහත වැටී තිබෙනවා. එම නිසා මහින්ද චින්තන වැඩ පිළිවෙළ යටතේ 2020 වන විට සම්ප්‍රධායික නොවන පුනර්ජනනීය බල ශක්තිය ඉහළ නැංවිය යුතු බව ද එහි දැක්විණ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා