පළාත් පාලන කොමසාරිස් සභාපති ධූරයේ කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ

පළාත් පාලන කොමසාරිස් සභාපති ධූරයේ කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ

හෝමාගම ප්‍රා.සභාපතිවරයාගෙන් අධිකරණයට මෝසමක්

හෝමාගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා තනතුරින් ඉවත් කිරිමට පෙර එහි පැවති තත්ත්වය නොවෙනස්ව පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති නියෝගයට පටහැනිව යමින් සභාවේ ලේකම්වරයා ,පළාත් පාලන කොමසාරිස්වරයා ඇතුළු බලධාරින් තමන්ට සභාපති ධූරයේ කටයුතු කිරිමට ඉඩ නොදෙන බව පවසමින් හෝමාගම ප්‍රාදේශිය සභාපතිවරයා අධිකරණයට ඊයේ (20)මෝසමක් ගොනු කළේය.

2014 ජනවාරි 13 දා ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කර තිබූ අතර 30 දා යළි එය දීර්ඝ කෙරිණි. පෙත්සම යළි සළකා බලා පැහැදිළි කිරිමක් කරන ලෙස සභාපති ඒ.ඩී.ප්‍රේමසිරි මහතා මෝෂමෙන් ඉල්ලා ඇති අතර ඒ සඳහා ඔහුගේ පෙත්සම මේ 26 දා යළි කැඳවේ.

වගඋත්තරකරුවන්ගේ මේ ක්‍රියාවන් නිසා සභාවේ අවුල් සහගත තත්ත්වයක් උද්ගත වී ඇතැයි පෙත්සම්කරු සඳහන් කරයි.

සභාවේ අය-වැය දෙවන වරටත් පරාජය වීමෙන් පසු සභාපති තනතුර පුරප්පාඩු වි ඇතියි ප්‍රකාශ කෙරුණද පළාත් පාලන පනතේ 169 වගන්තියට පටහැනිව තමන් ක්‍රියා කර නැතැයි ද සඳහන් කරන පෙත්සම්කරු සභාපති ධුරය පුරප්පාඩු වූ බවට වගඋත්තරකරුවන් ගත් තීරණය බලරහිත කර තනතුර පුරප්පාඩු වී නැතැයි ප්‍රකාශයක් නිකුත් කරන‍ ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා