නවක සිසුන් අතර ජනප්‍රියවීමේ අරමුණින් ශිෂ්‍ය සංගම් සුපුරුදු සංදර්ශන ක්‍රියාවලිෙය්

නවක සිසුන් අතර ජනප්‍රියවීමේ අරමුණින් ශිෂ්‍ය සංගම් සුපුරුදු සංදර්ශන ක්‍රියාවලිෙය්

ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න

විශ්වවිද්‍යාලවලට ඉදිරි කාලයේදී නවක සිසුන් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කිරීමත් සමඟ ම ශිෂ්‍ය සංගම් තම "සුපුරුදු සංදර්ශන" ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට සුදානම් වන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා 'දිනමිණ'ට පැවසීය.

නවක සිසුන් අතර ජනප්‍රිය වීමේ අරමුණ ඇතිව ශිෂ්‍ය සංගම් මේ සංදර්ශන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන අතර උද්ඝෝෂණ, රැළි, පෙළපාලි වැනි අරගල ක්‍රියාත්මක කරන බවත් ලේකම්වරයා පැවැසීය.

සියලු විශ්වවිද්‍යාලවල පාහේ මෙවැනි පහත් වැඩසටහන් ක්‍රියාත්මක කර ශිෂ්‍ය සංගම් නවක සිසුන් අතර ජනප්‍රිය වීමට උත්සහ ගන්නා අතර විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැඩි අර්බුදයක් පවතින බව මහ ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු කරයි.

මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් ශිෂ්‍ය සංගම්වල මෙවැනි කටයුතුවලට උදව් උපකාර නොකරන ලෙසත් නවරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය. විශ්වවිද්‍යාලවල නවකවදය ක්‍රියාත්මක වන්නේදැයි මෙවර දැඩි සෝදිසියෙන් සිටින බව කී ලේකම්වරයා, නවකවදය හෝ වෙනත් විනය විරෝධී ක්‍රියාවන්ට නවක සිසුන් යොදවා ගන්නා ශිෂ්‍ය සංගම් හෝ ජ්‍යෙෂ්ඨ සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට සැලසුම් කර තිබෙන බවත් කීවේය.

ශිෂ්‍ය සංගම්වල වුවමනාව මත නවක සිසුන් හෝ වෙනත් කිසිම සිසුවකු කැටවලට මුදල් එකතු කිරීම හෝ වෙනත් විනය විරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොවිය යුතු බව අවධාරණය කළ ඒ මහතා විශ්වවිද්‍යාලයට යවන තම දරුවා ගැන අවධානයෙන් සිටින්නැයි මවුපියන් ගෙන් ද ඉල්ලීමක් කළේය.

විවිධ සටන් පාඨ පෙන්වමින් නවක සිසුන් අතර ජනප්‍රිය වීම ශිෂ්‍ය සංගම්වල වුවමනාව නමුත් එවැනි කටයුතු වලට සහය නොදෙන ලෙසද තමන්ට ගැටලුවක් ඇතොත් විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියට හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට දන්වන ලෙසද ලේකම්වරයා නවක සිසුන්ට දන්වා සිටියේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා