මුද්‍රණය සඳහා

 
ආර්ථික අපහසුතා ඇති සිසුනට ශිෂ්‍යත්ව වැඩසටහනක් ඇරැඹේ

ආර්ථික අපහසුතා ඇති සිසුනට ශිෂ්‍යත්ව වැඩසටහනක් ඇරැඹේ

ආර්ථික අපහසුතා හේතුවෙන් අධ්‍යාපන කටයුතු කර ගෙන යාමට නොහැකි සිසු සිසුවියන්ට සවියක් වීමේ අරමුණෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු යොදා තිබේ.

මහින්ද යාපා අබේවර්ධන යුගාවලෝකන සැමරුම් ශිෂ්‍යත්ව ලෙස මෙය නම් කර ඇත.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ දැරියන් දෙදෙනකුට ශිෂ්‍යත්ව ලබා දී තිබෙන අතර මේ ශිෂ්‍යත්ව සඳහා ප්‍රසිද්ධ කෘෂි ව්‍යාපාරික ජයන්ත මංගල රාජපක්ෂ මහතා අනුග්‍රාහකත්වය දක්වා තිබේ.

මාතර, පඹුරන ශාරිපුත්‍ර මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 2011 වර්ෂයේ දී උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පළමු වසර අධ්‍යාපනය ලබන කේ.ඩබ්ලිව්. දුලානි එරන්දිකා ශිෂ්‍යාවට හා 2013 ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගෙන මාතර මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කේ.ඩබ්ලිව්. තරුෂ්කා සඳමාලී යන ශිෂ්‍යාවන්ට මෙසේ ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]