උපතින් විරූපී වූ දරුවන්ට ප්ලාස්ටික් සැත්කම් කරාපිටියේ දී

උපතින් විරූපී වූ දරුවන්ට ප්ලාස්ටික් සැත්කම් ශ්‍රී ලංකාවේ දී

හිසේ හැඩය වෙනස්වීම නිසා උපතින්ම විරූපීභාවයට පත්වන දරුවන් ස්වභාවික තත්ත්වයට පත්කිරීමට කරන විශේෂිත වූ ප්ලාස්ටික් සැත්කම් දැනට ශ්‍රී ලංකාවේ දී ද සිදුකිරීමට කරාපිටිය රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ගයාන් ඒකනායක මහතාට හැකිවී තිබේ.

මේ වනවිට බස්නාහිර පළාතේ සහ හලාවත ප්‍රදේශයේ දරුවන් දහසය දෙනෙකුට පමණ ඉතා සාර්ථකව මේ ප්ලාස්ටික් සැත්කම කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ දී පමණක් මෙම සැත්කම් සිදුකරන බව විශේෂඥ වෛද්‍ය ගයාන් ඒකනායක මහතා පවසයි. මෙම විශේෂිත ප්ලාස්ටික් සැත්කම සිදුකිරීම සදහා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් රෝහලින් විශේෂ පුහුණවක් ලබාසිටින දකුණු ආසියාවේ එකම වෛද්‍යවරයා වන්නේද විශේෂඥ වෛද්‍ය ගයාන් ඒකනායක මහතායි.

හිසේ අස්ථිවලට කරන මෙම සැත්කමින් හැඩය වෙනස් වී ඇති හිසේ තත්ත්වය නියම තත්ත්වයට පත් කළ පසු දරුවාගේ මුහුණේ තිබූ විරූපී බව අඩුකිරීමට හැකිවනු ඇත.

දරුවාගේ වයස අවුරුදු දෙකේ දී මෙම සැත්කම සිදුකරයි. එම වයසේ දී සැත්කම කිරීම නිසා දරුවාගේ මොලයේ වර්ධනය අඩාලවීම නවතාගත හැකිවේ.

එමෙන්ම මුහුණේ විරූපී බව සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා දරුවාට අවුරුදු දොළහ, දහතුන සහ දහඅට යන වයස්වල දී තවත් සැත්කම් කීපයක් කළ යුතුය.

සමහරවිට දරුවාගේ උඩු හනුව සකස් කිරීමට මෙන්ම නහයේ ඇදය සකස් කිරීමටත් සැත්කම් සිදුකිරීමට සිදුවෙනවා. සැත්කමෙන් පස්සේ දරුවාගේ වර්ධනය නිසිලෙස සිදුවෙනවාද කියා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිරන්තර පරීක්ෂාවට ලක්කරන්න අවශ්‍යයි. සැත්කමෙන් පසු දරුවාගේ හිසට ආරක්ෂිත හිස්වැසුමක් පළඳන්න ඕන.කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය දුලිප් පෙරේරා මහතාගේ උපදෙස් මත ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ ද සහය ඇතිව මෙම සැත්කම කොළඹ ජාතික රෝහලේ දී පමණක් සිදුකරන්නේ යැයි විශේෂඥ වෛද්‍ය ගයාන් ඒකනායක මහතා කීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා