මුද්‍රණය සඳහා

 
අලව්ව-බුජ්ජොමුව බෝක්කුව කැඩිලා‍: බලධාරින් තවමත් අහක බලන්

අලව්ව-බුජ්ජොමුව බෝක්කුව කැඩිලා‍: බලධාරින් තවමත් අහක බලන්

අලව්ව - මීරිගම බස් මාර්ගයේ බුජ්ජොමුව වෙල්යාය මැද බොක්කුව කැඩී දැනට වසරක කාලයකට ආසන්නව ඇතත් බෝක්කුව ඉදිකිරීමට බලධාරීන් කිසිම පියවරක් ගත්තේ නැත.

පාසල් ප්‍රවාහන ඇතුළු දිනපතා ධාවනය කෙරුණු ප්‍රවාහන සේවා රැසක්ම මේ නිසා අඩාළ වී තිබේ.

මෙය බලා සිටිය නොහැකි තරුණ පිරිස රාත්‍රි පහන් වනතුරු පස් පුරවා විකල්ප බෝක්කුවක් ඒ අසලින් ඉදි කළේය. මෙයද ඉතා අනතුරුදායක ගමනක් විය. මේ තාවකාලික බෝක්කුව උඩින් ලංගම, පෞද්ගලික බස් රථ ධාවනය වෙයි. එහෙත් මහා අනතුරක් කොයි මොහොතේ දැයි කිව නොහැකිය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]