රජීව් ඝාතකයන් නිදහස් කිරීමේ තීරණයට රාහුල් ගාන්ධිගේ දැඩි නොසතුට

රජීව් ඝාතකයන් නිදහස් කිරීමේ තීරණයට රාහුල් ගාන්ධිගේ දැඩි නොසතුට

ඉන්දීයාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරිමට 1991දී සැලසුම් කළ සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඔහු ඝාතනය කිරීමේ චෝදනාව මත සිරගතව සිටි සැකකරුවන් හත් දෙදෙනා නිදහස් කරන ලෙස තමිල් නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා සිදු කළ නියෝගය සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂයේ උපසභාපති සහ ඝාතනයට ලක්වු අගමැති රජිව් ගාන්ධිගේ පුත්‍ර රාහුල් ගාන්ධි කනස්සල්ල පළ කර තිබේ.

ඇය මේ තිරණය ප්‍රකාශයට පත්කළේ ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ඝාතනයට හවුල් වු තිදෙනකුට ලබා දි තිබු මරණීය දණ්ඩනය ඉවත් කර ඔවුන් ජීවිතාන්තය දක්වා සිර ගත කිරිමට තින්දු කිරිමෙන් දිනකට පසුවයි.

සාන්තන්, මුරුගන් සහ පෙරරිවලන් නැමැති මරණීය දණ්ඩනයට නියමවූ තිදෙනා වසර 23ක් බන්ධනාගාරගතව සිටි නිසා ඔවුන් වහාම නිදහස් කිරිමට ප්‍රාන්ත කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජයලලිතා ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් පුවත් ඒජන්සියට පවසා තිබේ .

 ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි 1991 දි ඝාතනය කිරිම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියම ව සිටි වූදිතයන්  (වමේ සිට දකුණට ) සාන්තන් ,මුරුගන් සහ පෙරරිවලන්

එම තිරණය ගනු ලැබුවේ ප්‍රාන්ත රජය වෙත පවරා ඇති බලතල ප්‍රකාරව බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශකර ඇත. ජීවිතාන්තය දක්වා සිරගත කර තිබූ අනික් හතරදෙනාද නිදහස් කර ඇත්තේ

ඒ අනුවයි. මේ සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂයේ නායකත්වයෙන් යුත්ෆෙඩරල් රජය දින තුනක් තුළ ප්‍රතිචාර දැක්විමට අපොහොසත් වුවහොත් තමිල් නාඩු ප්‍රාන්ත රජය විසින් ඔවුන් නිදහස් කිරිමට කටයුතු කරන බව ජයලලිතා පවසා ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා