මුද්‍රණය සඳහා

 
මොසැම්බික් ගංවතුරින් ගම්මාන රැසක් යටවෙලා

මොසැම්බික් ගංවතුරින් ගම්මාන රැසක් යටවෙලා

මොසැම්බික් හි මධ්‍ය සැම්බෙසියා පළාතේ දිනෙන් දින නැගෙමින් පවතින ජලගැලීම් හමුවේ 9000 ක පමණ පිරිසක් තර්ජනයට ලක්ව ඇතැයිද පිටාර ගලන ගංගා අවට වාසය කරන ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කර ඇතැයිද හදිසා සේවා අංශ පෙරේදා ප්‍රකාශ කර තිබේ.

ලිකුන්ගෝ ප්‍රදේශයේ ගංගා රාශියක් පිටාර ගැලීමෙන් ගම්මාන රාශියක් ජලයෙන් යටවී ඇතැයි ජාතික ආපදා කළමනාකාරිත්ව ආයතනයේ ප්‍රකාශකයා සඳහන් කර තිබේ. පසුගිය සතියේ පුන්ගෝයේ නදියේ ඉවුරු බිඳීයාමෙන් පසු එය වඩාත් දරුණු ලෙස බලපා ඇත්තේ මධ්‍ය සොෆාලා ප්‍රදේශයට බව වාර්තාවේ. මේ නිසා මාර්ග පද්ධතියද බිඳවැටී ඇත .

ලිකුන්ගෝ නදී මිටියාවතේ ජිවත්වන ජනතාව ස්වෙච්ඡාවෙන්ම ප්‍රදේශය අත්හැර ආරක්ෂක ස්ථාන හා තාවකාලික කඳවුරු කරා ගොස් තිබේ. වෙරළබඩ ප්‍රදේශවල අතරමංවුනු පුද්ගලයන් සොයා ගැලවුම් සේවාවන් ක්‍රියාත්මකව තිබෙන බව සඳහන්ය. ගුවන් යානා මගින්ද නිරීක්ෂණ කටයුතු අරඹා තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]