ජනසතු සේවා කැරම් තරගාවලියේ ත්‍රිත්ව සුරතා ලේක්හවුස් ආයතනයට

මහරගම ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ පැවති ජනසතු සේවා ප්‍රවීනයන්ගේ කැරම් තරගාවලියේ ලේක් හවුස් ආයතනයට ත්‍රීත්ව සුරතාවය හිමි විය .

විස්තර»


තිරිමාන්න මාලිංග ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

මාලිංග එක්දින කඩුලු 250යි

ළහිරු තිරිමාන්නගේ විශිෂ්ට ශතකයත් ලසිත් මාලිංගගේ සුපිරි පන්දු යැවීමත් හේතුවෙන් ඊයේ බංග්ලාදේශයේ ෆටුල්ලාහී ඛාන් සහීබ් ඔස්මන් අලී ක්‍රීඩාංගණයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගමාලාව ආරම්භ කරමින් පැවැති දිවා-රාත්‍රි තරගයෙන් පාකිස්තානයට එරෙහිව ලකුණු 12ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

විස්තර»


මගීන් පටවාගෙන ඉන්ධන ගැහුවොත් වැඩ වරදී

මගීන් සහිතව ගමන්වාර යන අතරතුර ඉන්ධන පුරවාගැනීම සඳහා ඉන්ධන හල් කරා යන පෞද්ගලික බස් රථවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) අජිත් රංජිත් මහතා පවසයි.

විස්තර»


ඡන්දය දුන් නොදුන් සැමට එකසේ සැලකිය යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 පෙබරවාරි 23දා, නොරච්චෝලේහි දී





ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

යුද්ධය දිනූ විරුවන්ට ගෞරව පිදීම ජිනීවා කොමිසමට ඉවසුම් නොදෙන්නක්

* යුදබිමේ සිටි සෙබළාත්-ජනතාවත් එක ලෙස මානසික සහනයට පත් කළා
* සොල්දාදුවා අවලංගු කාසියක් කිරීම අපේ පිළිවෙත නොවේ
‍* රණවිරුවන්ගේ ජීවන තත්ත්වය නැංවීමට හැකි හැම පියවරක්ම ගත්තා

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

යුද්ධය දිනාදුන් මෙරට රණවිරුවන්ට ජාතියේ ඉහළම ගෞරවය හිමිකර දීම ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉවසුම් නොදෙන කරුණක් බව රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. වසර 30ක් තිස්සේ මෙරට වෙළාගෙන උන් කුරිරු යුද්ධය හමාර කළ සෙබළුන්ට කළගුණ දත් ජාතියක් ලෙස ගෞරව කරන විට බටහිරට එය ඉවසුම් නොදෙන බවත් බටහිරට පුරුදු ආකාරයෙන් යුද්ධය අවසානයේදී හමුදා කඳවුරු ඉවත් කරගෙන...

විස්තර»

පිල්ලේගේ යෝජනා රජය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය කරන යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව රජය අවධාරණය කරයි. මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පවතින චෝදනා තවදුරටත් විමර්ශනය සඳහා අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ යෝජනාකර තිබෙන අතර එවැන්නක් ප්‍රතික්ෂේප කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි පිහිටි ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ප්‍රකාශ කරයි.

විස්තර»

සාමය දිනා දුන් නායකයා ශක්තිමත් කිරීමට සැම එකාමෙන් කටයුතු කළ යුතුයි

ගලගම ශ්‍රී අත්ථදස්සී අනු නාහිමි

ජිනීවා සමුළුව ඔස්සේ අප රටට පදනම් විරහිත අභූත චෝදනා ගෙන ඒමට ජාත්‍යන්තරයේ ඇතැම් කණ්ඩායම් උත්සාහ දරන මේ මොහොතේ රටට සාමය දිනා දුන් නායකයා ලෙස ජනාධිපතිතුමන් සෑම අතින්ම ශක්තිමත් කිරීමට මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු ජනතාව මේ මොහොතේ එකාමෙන් කටයුතු කළ යුතු යැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්ථදස්සී හිමියෝ පවසති.

විස්තර»

පන්දහසේ හොර නෝට්ටුවක් සමඟ
හසු වූ සබරගමු සරසවි සිසුවා රිමාන්ඩ්

රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටුවකින් ගනුදෙනු කිරීමට යද්දී අත්අඩංගුවට ගනු ලැබූ සබරගමුව විශ්වවිද්‍යාල සිසුවා ලබන (06) වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලන්ගොඩ මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා නියම කළේය. පෙරේදා (25) පස්වරුවේදී මෙම සැකකරු බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදී.

විස්තර»

තෙවැනි දිනයේ දැයට කිරුළට
වාර්තාගත ජනකායක්

දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය නැරැඹීමට එක් දිනක් තුළ පැමිණි වැඩිම ජනකාය ලෙස තෙවැනි දිනයේ පැමිණි 436069 දෙනකුගෙන් යුත් ජන ගංගාව වාර්තා පොතට එක්වෙයි. ප්‍රදර්ශනයේ තෙවැනි දිනය වූ 23 වැනිදා කාන්තාවන් 174428ක් පිරිමින් 261641ක් වශයෙන් 436069 දෙනෙක් ප්‍රදර්ශනය නරඹා තිබෙන බව දැයට කිරුළ ජාතික ප්‍රදර්ශන කමිටුවේ සභාපති, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

විස්තර»

දැයට කිරුළ ප්‍රදර්ශනය
දින 2 කින් දීර්ඝ කෙරේ

අටවැනි දැයට කිරුළ ජාතික සංවර්ධන මහා ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මාර්තු 1 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා දින දෙකකින් දීර්ඝ කැර ඇත. කුලියාපිටිය අධ්‍යාපන කේන්ද්‍රස්ථාන තුනක් මුල්කොට අක්කර 162 ක බිමක් පුරා පැවැත්වෙන මේ මහා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි දසලක්ෂ සංඛ්‍යාත ජනතාවට අමතරව තවත් ජනතාවට මෙය නැරඹීමට ඉඩකඩ දෙන්නැයි ජනපතිඳුන්ට කළ ඉල්ලීමට කන් දෙමින් මේ තීරණය ගත් බව ප්‍රදර්ශන කමිටු සභාපති සහ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කෙළේය.

විස්තර»


ආරක්ෂක සේවා විද්‍යාලයීය පළමු ත්‍යාග ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ආරක්ෂක අමාත්‍යංශය විසින් රණවිරු දූ පුතුන් වෙනුවෙන් ආරම්භකළ කොළඹ කොම්පඤ්ඤවීදියේ ආරක්ෂක සේවා විද්‍යාලයේ පස් මහල් ප්‍රාථමික පංති කාමර ගොඩනැඟිල් සංකීර්ණය ජනපති ප්‍රධානත්වයෙන් ඊයේ (25) සිසු අයිතියට පැවරිණි. එහි දී විද්‍යාලයේ වෙබ් අඩවිය ජනපති අතින් විවෘත කරමින් . නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජගත් ජයසූරිය,විදුහල් පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහත්වරු ඇතුළු පිරිසක් මෙයට එක්ව සිටියහ.
ඡායාරූපය චන්දන පෙරේරා

 

විස්තර»



 


 

තමිල්නාඩුවට අහසින් කෙළින්ම යන වුවමනාව
උතුරු පළාතේ සම්මත කරගෙන ඇති යෝජනාව
ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව යන කාරණාව
මහාඇමැති නීති විශාරදයාටයි චෝදනාව