අවසන් දිනය වන තුරු නොසිට දැයට කිරුළ නැරැඹීමට එන්න

අවසන් දිනය වන තුරු නොසිට දැයට කිරුළ නැරැඹීමට එන්න

අවසන් දිනය වන තුරු නොසිට දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණෙන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

යුද්ධය අවසන් කළ රට සංවර්ධනය වෙමින් ඉදිරියට යන ආකාරය රටට කියාදෙන දැයට කිරුළ නැරැඹීම සෑම පුරවැසියකුගේම අයිතිවාසිකමක් මෙන්ම ප්‍රදර්ශනය නැරැඹීමට තම දරුවන්ට අවස්ථාව උදා කිරීම සෑම මව්පියකුගේම යුතුකමක් බවත් දැයට කිරුළ ජාතික ප්‍රදර්ශන කමිටුවේ සභාපති, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ සිවු වැනි දිනයේ මාධ්‍ය හමුවට මාධ්‍ය කලාපයේදී එක්වෙමිනි.

ඇතැමුන් ප්‍රදර්ශනය නැරැඹීමට අවසන් දිනය වන තුරු බලා සිටින අතර තවත් පිරිසක් ප්‍රදර්ශනය දීර්ඝ කරන තුරු බලා සිටින බව පැවසූ ඇමැතිවරයා ප්‍රදර්ශනය දීර්ඝ කිරීමට මේ වන තුරු අදහසක් නොමැති බැවින් අවස්ථාව ලද විගස පැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

දැයට කිරුළ ප්‍රදර්ශනයෙන් කථා කරන්නේ ජාතියේ ආඩම්බරකාරී අතීතයත් ජයග්‍රාහී වර්තමානයත් පිළිබඳ නිසා මෙය ජනතාවගේ ප්‍රදර්ශනයක් බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්. එම්. පී. හිටිසේකර මහත්වරුද මේ අවස්ථාවට එක් ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා