මුද්‍රණය සඳහා

 
වල්ලාපට්ටා ප්‍රවාහනය කළ 7ක් බඩුත් සමඟ කොටුවෙති

වල්ලාපට්ටා ප්‍රවාහනය කළ 7ක් බඩුත් සමඟ කොටුවෙති

වල්ලාපට්ටා ශාකයේ අරටු කොටස් ග්‍රැම්ස් 90ක් වෑන් රථයකින් හා ත්‍රිවිලර් රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයන් හත්දෙනෙකු රුපියල් 54000ක මුදල් හා තරාදියක් සමඟ 24 දින සවස අත්අඩංගුවට ගත් බව ලුණුගල පොලීසිය කියයි.

ලුණුගල උඩකිරුව රක්ෂිතයෙන් ගම්වාසීන් කැපූ වල්ලාපට්ටා ශාකයේ අරටු කොටස් මිලදීගෙන බිබිල ප්‍රදේශයට රැගෙන යන අතරතුර අරවාකුඹුර ප්‍රදේශයේදී පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.

ලැබුණ තොරතුරක් මත වෑන් රථය පරීක්ෂා කිරීමේදී එහි සිටි මැදගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් සිව් දෙනා ළඟ තිබී වල්ලාපට්ටා ශාකයේ අරටු කොටස් ග්‍රෑම්ස් 60ක්, තරාදියක් සහ රුපියල් 54000ක මුදලක් අත්අඩංගුවට ගත් අතර ත්‍රිවිලර් රථයේ සිටි බිබිලේ පදිංචි තිදෙනා ළඟ තිබී වල්ලාපට්ටා ශාකයේ අරටු කොටස් ග්‍රෑම්ස් 30ක් සොයාගෙන තිබේ.

උඩකිරුව රක්ෂිත වනයේ තිබෙන වල්ලාපට්ටා ශාක සියල්ල කපා පරිසර විනාශයක් සිදුකර තිබෙන බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ලුණුගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් මානියංගම මහතා ඇතුලු නිලධාරීන් පරීක්ෂණ පවත්වති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]