දෙමෝදර පාලම- දුම්රිය පළ මුද්දර දෙකකින්

දෙමෝදර පාලම- දුම්රිය පළ මුද්දර දෙකකින්

පෙබරවාරි 28 දින දෙමෝදර පාලම සහ දෙමෝදර දුම්රිය ස්ථානය දැක්වෙන තැපැල් මුද්දර දෙකක් දෙමෝදර දුම්රිය ස්ථානයේ දී නිකුත් කෙරේ.

සුදු අධිරාජ්‍යය යුගයේ ඇරඹුණ ඌව ඉතිහාසයට මේ වන විටත් එකතු වී ඇති දෙමෝදර- ඇල්ල දුම්රිය ස්ථාන අතර පිහිටි ඓතිහාසික ආරුක්කු නවයේ ගල් පාලමත් (ආස් නවයේ පාලම) දෙමෝදර - හාලිඇල දුම්රිය ස්ථාන අතර පිහිටි බොන්ඩිගල කන්ද වටා දුම්රිය ස්ථානය ට යටින් දිවෙන දුම්රිය මාර්ගයත් (දෙමෝදර රේල් ගැටේ) මෙම පෙබරවාරි 28 වන දින උදේ ශ්‍රී ලංකාවේ මුද්දර ඉතිහාසයට දෙමෝදර දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී එක්වේ.

ආරුක්කු නවයේ ගල් පාලම නිමවීමේ පූර්ණ ගෞරවය එවකට වැලිමඩ ප්‍රදේශයේ ජීවත්ව සිටි ප්‍රකට පෙදරේරුවකු හා ගල් වඩුවෙකු වන පී.කේ. අප්පුහාමි මහතාටත් දෙමෝදර බොන්ඩිගල කන්දවටා ඉදිවුණ දුම්රිය මාර්ගය නිමවීමේ පූර්ණ ගෞරවය එවකට ප්‍රකට ඉංජිනේරුවකු වු විමලසුරේන්ද්‍ර මහතාටත් හිමිව ඇති අතර එහි විශේෂත්වය වනුයේ මෙම ජාතිකයන් දෙදෙනාම ශ්‍රී ලාංකිකයින් වීමය.

ඓතිහාසික මෙම මුද්දර දෙක රුපියල් පහක වටිනාකමකින් යුක්ත වන අතර යුගයේ අවශ්‍යතාවය අනුව මුද්දර ඉතිහාසයට මෙය එකතු විය යුතු බවට යෝජනා කර ඇත්තේ පරිපාලනය සේවයේ ජ්‍යෙෂ්ඨයකු වූ සහ ඌව පළාතේ බඩල්කුඹුර, හපුතලේ ප්‍රාදේශීය ලේකම්වරයකු ලෙස කටයුතු කළ දැනට ඌව පළාතේ නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජෙනරාල්වරයකු වශයෙන් සේවය නියුතුව සිටින ධර්මසිරි පියසේන මහතා විසිනි.

ශ්‍රී ලංකා මුද්දර ඉතිහාසයේ ග්‍රාමීය වශයෙන් ප්‍රචලිත දෙමෝදර දුම්රිය ස්ථානයේද පැවත්වෙන මෙම උළෙලට තැපල් සේවා අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, තැපල්පති සහ ඌව පළාත් නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජෙනරල් ධර්මසිරි පියසේන මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම උත්සවයට සහභාගී වීමට නියමිතය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා