මුද්‍රණය සඳහා

 
මිනිස් අස්ථි කොටස් සහිත ඉටි උරයක් පිටවෙල වැවේ

මිනිස් අස්ථි කොටස් සහිත ඉටි උරයක් පිටවෙල වැවේ

මිනිස් හිස් කබලක් හා අස්ථි කොටස් බවට සැක කෙරෙන විවෘත ඉටි උරයක් ගං දිය මතින් හමු වූ පුවතක් මහනුවර, මැණික්හින්න පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මැණික්හින්න පොලිස් වසමට අයත් පිටවෙල වැවේ ජලය මත මෙම අස්ථි සහිත ඉටි උරය පාවෙමින් තිබිය දී එහි ස්නානය පිණිස පැමිණි ප්‍රදේශවාසියකු විසින් ඒ බව පොලිසියට දන්වා ඇත.

දැනටමත් පොලිසියේ සොකෝ කණ්ඩායම දැනුවත් කර මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මහනුවර අතිරේක මහේස්ත්‍රාත්තුමාගේ නියෝගය මත පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයට මෙම අස්ථි කොටස් යවා වැඩිදුර පරීක්ෂාවට ලක් කර සිද්ධිය සම්බන්ධව මාර්තු මස 3 වෙනි දිනට උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මැණික්හින්න පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අමරසිංහ මහතා ඇතුලු නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]