මගීන් පටවාගෙන ඉන්ධන ගැහුවොත් වැඩ වරදී

මගීන් පටවාගෙන ඉන්ධන ගැහුවොත් වැඩ වරදී

මගීන් සහිතව ගමන්වාර යන අතරතුර ඉන්ධන පුරවාගැනීම සඳහා ඉන්ධන හල් කරා යන පෞද්ගලික බස් රථවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) අජිත් රංජිත් මහතා පවසයි.

මේ පිළිබඳ බස් රථ සේවකයන් දැනුවත් කර ඇති බව පවසන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා මෙසේ ඉන්ධන හල් කරා ‍‍යාම සම්බන්ධයෙන් මහජන පැමිණිළි දිගින් දිගට ලැබීම හේතුවෙන් මෙම නීති තදින් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ද පැවැසීය.

මෙසේ පෞද්ගලික බස් සම්බන්ධව ඇති පැමිණිලි දුරකථන අංක 0115-559595 ට හෝ 0112-871352 ට දැනුම් දෙන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා