අල්ලස් දැලට හසු වූ මාතර උයන්වත්ත විදුහලේ විදුහල්පති රිමාන්ඩ්

අල්ලස් දැලට හසු වූ මාතර උයන්වත්ත විදුහලේ විදුහල්පති රිමාන්ඩ්

අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් පෙරේදා (24දා) පෙරවරුවේ අල්ලස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මාතර උයන්වත්ත කනිටු විදුහලේ විදුහල්පතිවරයා ඊයේ (25දා) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාර්තු මස හත්වන දින (7) දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා විසින් නියෝග කෙරිණි.

පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි සිසු දරුවෙකු එම විදුහලේ හතරවන ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා විද්‍යාලයේම ගුරුවරියක මාර්ගයෙන් රුපියල් පනස්තුන්දහසක (53,000) මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමට යාමේදී අදාළ විදුහල්පතිවරයා ඔහුට අනුබල දුන් බවට සැකපිට සිද්ධියට සම්බන්ධ ගුරුවරියද අත්අඩංගුවට ගනු ලැබිණ.

මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු මෙහෙය වූ වැලිගම පොලිසිය මඟින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සිද්ධියට අනුබල දුන් ගුරුවරිය සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකාරිය ලෙස නම් කෙරෙමින් මුදාහරින ලද අතර විදුහල්පතිවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා