මුද්‍රණය සඳහා

 
එල්.ටී.ටී.ඊ. රැඳවියෙක් හෘදයාබාධයකින් මියයයි

එල්.ටී.ටී.ඊ. රැඳවියෙක් හෘදයාබාධයකින් මියයයි

මැගසින් බන්ධනාගාරයේ සිටි එල්.ටී.ටී.ඊ. රැඳවියකු පෙරේදා (24) හෘදයාබාධයකින් මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ ගෝපිදාස් නැමැති 43 හැවිරිදි රැඳවියෙකි.

එම බන්ධනාගාරයේ ‘රජක පැටියේ’ රැඳවියකු ලෙස යහපත් කල්ක්‍රියාවෙන් කල්ගත කර සිටි මෙම රැඳවියා 2015 වසරේදී නිදහස්වීමට නියමිතව තිබූ බව එම බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘දිනමිණ’ට කීය.

අධික රුධිර පීඩනය සඳහා නොකඩවා ඖෂධ ලබාගෙන ඇති මෙම රැඳවියා පෙරේදා (24) සිටි සිරමැදිරිය තුළ වැටී සිටිනු දුටු නිලධාරින් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ ද, මියගොස් ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]