නරක් වූ සිමෙන්ති රටින් ගෙනත් කුඩුකර විකුණන ජාවාරමක් දැලේ

නරක් වූ සිමෙන්ති රටින් ගෙනත් කුඩුකර විකුණන ජාවාරමක් දැලේ

විදේශ රටවලින් ආනයනය කර කල් ඉකුත් වූ සිමෙන්ති කොට්ට දෙදහසක් අලුත් කවර යොදා අලෙවි කිරීමට සූදානම් කරමින් සිටියදී පාරිභෝගික අධිකාරිය මගින් කොටුකරගෙන තිබේ.

රුපියල් ලක්ෂ 20කට වඩා අධික වටිනාකමකින් යුත් එම සිමෙන්ති තොගයේ සිමෙන්තිවලින් වැඩි ප්‍රමාණයක් කල් ඉකුත් වී ගල්ගැසීමෙන් පසු මැෂින්වල දමා කුඩුකර යළි කවරවල බහාලන ලද ඒවා බව පාරිභෝගික අධිකාරිය පවසයි.

පෑලියගොඩ නව නුගේ පාරේ පිහිටි මෙම සිමෙන්ති ගබඩාව ප්‍රසිද්ධ සිමෙන්ති ආනයනික ව්‍යාපාරිකයකුට අයත් එකක් බව පැවසේ. මොහු කලක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇත. බොහෝ විට විදෙස් රටවලදී කල් ඉකුත් වීමෙන් පසු ඉවත ලන ඒවා අඩුමිලට ගෙන මෙහිදී කුඩුකර අලෙවි කිරීම සිදු කරනු ඇතැයි සැක කෙරේ.

රටේ දුරබැහැර බොහෝ ප්‍රදේශවලට මෙම සිමෙන්ති තොග බෙදා හැර ඇත. මේ වනවිටත් එම සිමෙන්ති තොගවලට සිල් තබා තිබේ.

අද එම හිමිකරුවන් සහ එම ව්‍යාපාරයේ වංචාව පාරිභෝගික අධිකාරිය මගින් අධිකරණයට වාර්තා කිරීමට නියමිතය. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා