‘විසිපස්වෙනි තට්ටුව’  අද චීනයේදී දොරට වඩී

‘විසිපස්වෙනි තට්ටුව’  අද චීනයේදී දොරට වඩී

චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශකයෙකු වන ප්‍රවීණ මාධ්‍යවේදී චූලාභය ශාන්ත කුමාර හේරත් ගේ ප්‍රථම කෙටි කථා සංග්‍රහය 'විසිපස්වෙනි තට්ටුව' පෙබරවාරි අද (26) පෙරවරු 10.30ට චීනයේ බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දොරට වඩී.

චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවය ආරම්භ කොට වසර 40ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන වැඩසටහන් මාලාවක පළමුවැන්න මෙයයි.

'විසිපස් වෙනි තට්ටුව' දොරට වැඩුමේදී චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ෂෙංලි මහත්මිය සහ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා කෙටි දෙසුම් පවත්වති. 'විසිපස්වෙනි තට්ටුව' ප්‍රකාශනයට පත් කළ ෆාස්ට් පබ්ලිෂින් ආයතනයේ අධිපති ප්‍රේම් දිසානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී වේ.

පළපුරුදු ගුවන් විදුලි නිවේදකයකු සහ වැඩසටහන් නිෂ්පාදකවර‍යකු වන චූලාභය ශාන්ත කුමාර හේරත් ගුවන් විදුලි නාට්‍ය රචකයකු සහ තිර පිටපත් රචකයකුද වේ. 'විසිපස්වෙනි තට්ටුව' දොරට වැඩීමේ උත්සවයට චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයිනට ඇරයුම් කර තිබේ. මේ උත්සවය සඳහා පූර්ණ අනුග්‍රහය චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙනි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා