අල්ලසක් ගත්තැයි හිටපු පොලිස් පරීක්ෂකට රු. 2500 ක පෙර ඇපයක්

අල්ලසක් ගත්තැයි හිටපු පොලිස් පරීක්ෂකට රු. 2500 ක පෙර ඇපයක්

රක්ෂණ සහතිකයක් නොමැතිව වාහනයක් පැදවු රියදුරුවරයකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකිරිමට රුපියල් දස දහසක මුදලක් ඉල්ලා පන්දහසක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් හිටපු පොලිස් පරීක්ෂක රංජිත් උස්ගොඩ නැමැති සැකකරු පෙර ඇප මත මුදා හරින ලෙසට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා රුපියල් 25000 ක අමතර ඇපයක් ඊයේ(24) නියම කළේය.

සැකකරු ඊයේ අධිකරණයේ පෙනී සිටි අතර අදාළ චෝදනාවට නිවැරදි කරු යැයි ප්‍රකාශ කළ හෙයින් නඩු විභාගය මැයි 6 දිනට නියම කළ විනිසුරුවරයා ඇප ලබාදුන්නේය.

2011 අප්‍රියල්1දින හා 14 දින අතර කාළය තුළදි මල්වානේදි රුපියල් දස දහසක මුදලක් ඉල්ලා සිටිම හා පන්දහසක මුදලක් එමකාලය අතර තුරදී ලබාගැනීමේ චෝදනාව සැකකරුට විරුද්ධව ඉදිරිපත් කර තිබිණි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා