මැතිවරණයට අදාළ පෝස්ටර් හා බැනර් එකතුවක්

මැතිවරණයට අදාළ පෝස්ටර් හා බැනර් එකතුවක්

මෙවර මැතිවරණයට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයන, පෝස්ටර් හා බැනර් එකතු කිරීමට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. තිහේ දශකයේ සිට මෙරට පැවැති මැතිවරණ ප්‍රකාශන බැනර් හා පොස්ටර් එකතුවක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින අතර, මෙවර මැතිවරණයට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශන හා අනෙකුත් පත්‍රිකා එකතු කිරීමට එම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.

ශ්‍රී ලංකවේ පවත්වන ලබන ඕනෑම මැතිවරණයකදී ඒ ඒ පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයන් විසින් ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන පත්‍රිකා, දැන්වීම් හා ඡායාරූප ආදී මැතිරණයට අදාල සියලුම ප්‍රකාශනයන් ප්‍රකාශයට පත්කළ දින සිට දින 30ක් ඇතුළත ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට තැපෑලෙන් හෝ ගෙනවිත් භාරදීම සිදු කළයුතුය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා