කොටුව දුම්රිය පොළේ රස්තියාදු වූ ශිෂ්‍යාවන් 2ක් - තරුණයෙක් අත්අඩංගුවට

කොටුව දුම්රිය පොළේ රස්තියාදු වූ ශිෂ්‍යාවන් 2ක් - තරුණයෙක් අත්අඩංගුවට

කුඹල්ඹළුව ප්‍රදේශයේ පාසලක එකොළහ වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවන් ‍දෙදෙනකු සමග තරුණයකු කොටුව දුම්රිය ස්ථානයේ පෙරේදා (24)රාත්‍රී අටට පමණ රස්තියාදු වෙමින් සිටියදී දුම්රිය ආරක්ෂ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ශිෂ්‍යාවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී නිවසින් තරහ වී පැන යන බවත් පාසල් නිල ඇදුම් ගලවා වෙනත් ඇදුම් පැලද පැමිණි බවත් පවසා ඇත.

අදාල තරුණියන්ගේ බෑග් පරික්ෂා කිරීමේදී ඔවුන්ගේ පාසල් නිල ඇදුම් එහි තිබී සොයාගෙන ඇතැයිද දුම්රිය ආරක්ෂක අධිකාරී සේනක ජයසේන මහතා පවසයි.

දුම්රිය ආරක්ෂක නිලධාරීන් ප්‍රශ්න කිරීමෙන් පසු ඒ මෙහොතේම තරුණියන්ගේ නිවෙස් වලට දැණුම් දී ඇත. මොවුන් සමග විසිදෙහැවිරිදි කෑගල්ල ප්‍රදේශයේ තරුණයකුද සිටි බැවින් මොවුන් තිදෙනා වැඩිදුර පරීක්ෂ පැවැත්වීම සදහා කොටුව පොලීසියට බාරදී ඇත.

දුම්රිය ආරක්ෂක සේවා අධිකාරි සේනක ජයසේන මහතාගේ උපදෙස් මත , දුම්රිය ආරක්ෂක කේ. ඒ. සුජිත්, බීඅලස් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා