බතලගොඩීන් ශීත දේශගුණයට උචිත නව බිත්තර වී ප්‍රභේදයක්

බතලගොඩීන් ශීත දේශගුණයට උචිත නව බිත්තර වී ප්‍රභේදයක්

ශීතල දේශගුණයට වඩාත් උචිත නව බිත්තර වී ප‍්‍රභේදයක් හදුන්වාදීමට බතලගොඩ වී පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ. මේ නව බිත්තර වී ප‍්‍රභේදය බී.ජී.එම්.ඒ. 2 ලෙස නම් කර ඇත.

මේ බිත්තර වී ප්‍රභේදය වගා කිරීමෙන් අක්කරයකින් වී බුසල් 80 ක් 100 ත් අතර අස්වැන්නක් ලබා ගත හැකි බව වී පර්යේෂණ ආයතනය පවසයි.

විශේෂයෙන්ම තෙත් කලාපයේත්, මධ්‍යම පළාත ආශ‍්‍රිතවත්, කෑගල්ල හා මාවනැල්ල ආදී ප‍්‍රදේශවලත් ඉතාමත් සාර්ථකව මේ නව බිත්තර වී ප‍්‍රභේදය වගා කළ හැකි බවත් ආයතනය සඳහන් කරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා