මුද්‍රණය සඳහා

 
දිනපතා මෙරටින් ලාදුරු‍ රෝගීන් 6ක්: ඉදිරියේ දී රෝගීන් වැඩිවීමේ අවදානමක්

දිනපතා මෙරටින් ලාදුරු‍ රෝගීන් 6ක්: ඉදිරියේ දී රෝගීන් වැඩිවීමේ අවදානමක්

ලාදුරු‍ රෝගීන් හය දෙනකු දිනපතා මෙරටින් වාර්තා වීම නිසා ඉදිරි කාලය තුළදී රෝගීන්ගේ වැඩි වීමක් සිදු විය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.

ඒ අනුව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි 2014 වසරේ සිට 2016 වසර දක්වා කාල පරාසය තුළ ආදර්ශ ලාදුරු මර්දන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

ලාදුරු රෝගීන් වාර්තා වීම අඛණ්ඩව සිදු වන නිසා අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිවල සහ ක්‍රියාදාමයේ වෙනසක් සිදු කිරීම මේ ආදර්ශ වැඩසටහනේ අරමුණ වේ.

ලාදුරු රෝගය සමාජයෙන් ගිලිහී ගිය රෝගයක් වුවත් දිනකට පුද්ගලයන් හය දෙනකු වාර්තා වීම නිසා රෝගය සම්බන්ධයෙන් නොසලකා හැරිය‍ නොහැකි බව අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය, සසකාවා පදනම, ෆෙයාටේඩ් පදනම, ලෝක සෞඛ්‍ය සංවිධානය යනාදී ආයතන එක්ව මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. කොළඹ, ගම්පහ, පුත්තලම, හම්බන්තොට, අම්පාර යනාදී දිස්ත්‍රික්ක කිහිපයක් මුල් කර ගනිමින් මේ ආදර්ශ වැඩසටහන මූලික වශයෙන් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යාංශය පවසයි.

යම් අයකුට ‍ලාදුරු රෝගය පවතින්නේ නම් වෛද්‍යවර‍යකුගෙන් නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය සුව කර ගත හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]