පන්දහසේ හොර නෝට්ටුවක් සමඟ හසු වූ සබරගමු සරසවි සිසුවා රිමාන්ඩ්

පන්දහසේ හොර නෝට්ටුවක් සමඟ හසු වූ සබරගමු සරසවි සිසුවා රිමාන්ඩ්

රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටුවකින් ගනුදෙනු කිරීමට යද්දී අත්අඩංගුවට ගනු ලැබූ සබරගමුව විශ්වවිද්‍යාල සිසුවා ලබන (06) වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලන්ගොඩ මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා නියම කළේය.

පෙරේදා (25) පස්වරුවේදී මෙම සැකකරු බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදී.

හොර නෝට්ටුව මුද්‍රණය කිරීමට භාවිතා කරන ලද පරිගණකයක් සහ ප්‍රින්ටරයක්ද මේ සිසුවාගේ කලවාන‍ නිවසේ තිබියදී 25 උදේ අත්අංඩගුවට ගෙන පසුව අධිකරණය ඉදිරිපත් කරනු ලැබීය.

විසිතුන් හැවිරිදි සබරගමුව විශ්වවිද්‍යාල සිසුවා රුපියල් පන්දහසේ හොර නෝට්ටුව ලබාදී බීර බෝතලයක් මිලදී ගැනීමට උත්සාහ කරද්දී 24 රාත්‍රි බලන්ගොඩදී අත්අඩංගුවට ගැනිණ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා