තෙවැනි දිනයේ දැයට කිරුළට වාර්තාගත ජනකායක්

තෙවැනි දිනයේ දැයට කිරුළට වාර්තාගත ජනකායක්

දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය නැරැඹීමට එක් දිනක් තුළ පැමිණි වැඩිම ජනකාය ලෙස තෙවැනි දිනයේ පැමිණි 436069 දෙනකුගෙන් යුත් ජන ගංගාව වාර්තා පොතට එක්වෙයි.

ප්‍රදර්ශනයේ තෙවැනි දිනය වූ 23 වැනිදා කාන්තාවන් 174428ක් පිරිමින් 261641ක් වශයෙන් 436069 දෙනෙක් ප්‍රදර්ශනය නරඹා තිබෙන බව දැයට කිරුළ ජාතික ප්‍රදර්ශන කමිටුවේ සභාපති, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

වයස අවුරුදු 18ට අඩු 87213 දෙනකු සහ අවුරුදු 18ට වැඩි 348856 දෙනකු වශයෙන් එදින ප්‍රදර්ශනය නැරැඹීමට තිබෙන බවත් ඇමැතිවරයා පෙරේදා (24) මාධ්‍ය කලාපයේදී පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

පසුගිය වර්ෂවල ලද අත්දැකීම් පදනම් කොට ගෙන තදබදය අවම වන පරිදි මෙවර ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙන බව පැවසූ ඇමැතිවරයා අක්කර 162ක් පුරා පැතිර පවතින නිසා ජනතාවට පහසුවෙන් ප්‍රදර්ශනය නැරැඹීමට හැකියාව තිබෙන බවත් ප්‍රකාශ කළේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා