පාසලේ උත්සවයට ආරාධනා නොකළැයි චීවරධාරියා විදුහල්පතිට පොල්ලකින් ගහලා

පාසලේ උත්සවයට ආරාධනා නොකළැයි
චීවරධාරියා විදුහල්පතිට පොල්ලකින් ගහලා

පාසල් වෙලාවේදී පහරදීලා

සිසුන් මවුපියන් උද්ඝෝෂණයක

චීවර ධාරියකු විසින් තවත් දායකයන් තිදෙනකු සමඟ විදුහල්පතිවරයෙකුට පහර දුන් පුවතක් පිළිබඳව වලපනේ පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධියට සම්බන්ධ විදුහල්පතිවරයා වලපනේ කුඹල්ගමුව කීර්ති බණ්ඩාර විදුහලේ විදුහල්පතිවරයා වන අතර ඔහුට පහර දී ඇත්තේ වලපනේ, ජනපදගම සුබෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි නමකි.

අදාළ විදුහලේ පැවැති උත්සවයක් සඳහා මේ හිමිනමට ආරාධනා නොකිරීම හේතුවෙන් කුපිත වූ විහාරාධිපති හිම් විදුහල්පතිවරයාට පහර දෙන්නට ඇතැයි ගම්හු පවසති.

පාසල් වේලාවේදී තවත් දායකයන් තිදෙනකු සමඟ ත්‍රීරෝද රථයකින් පැමිණි හිමි නම විදුහල්පතිවරයාට පහර දී ඇතැයි පැවැසේ.විදුහල්පතිවරයා එම සිදුවීමෙන් පසු නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධියෙන් කුපිත වූ පාසලේ සිසුන්, මවුපියන් හා ගම්වාසින් විදුහලේ සිට වලපනේ නගරය දක්වා අදාළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පෙළපාලියක් සංවිධානය කොට තිබූ අතර, පොලිසියේ මැදිහත්වීමෙන් පිරිස අත් අඩංගුවට ගත් බව දන්වමින් පැල්තවාන හන්දියේදී පිරිස අස්වාසාලීමට තැත් කැර ඇතැයි ගම්හු පවසති.

මේ හිමි නම නිතරම බීමතින් මෙවන් ක්‍රියා සිඳකරන බව ගම්වාසීහු පවසති. මේ සම්බන්ධව අදහස් දැක්වූ අදාළ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති සෝබා සුරංගනී මහත්මිය පැවැසුවේ 23දා රාත්‍රියේ පසුදා විදුහලේ පැවැත්වීමට නියමිත උත්සවයක් සඳහා සූදානම් වෙමින් සිටි විදුහල්පතිවරයාට අදාළ හිමි නම ඇතුලු පිරිස පැමිණ පහර දුන් බවයි. ස්වාමීන් වහන්සේ අත පොලු මුගුරක්ද තිබූ බව ඇය පවසයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා