මුද්‍රණය සඳහා

 
බළපිටිය සමූප පිරවුම් හලේ  භූමිතෙල් ටැංකියේ හිලක්

බළපිටිය සමූප පිරවුම් හලේ  භූමිතෙල් ටැංකියේ හිලක්

බළපිටිය සමූපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලේ මාස හයක සිට භූමිතෙල් නොමැති වීමෙන් ධීවර ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

භූමිතෙල් ගබඩා කරන ප්‍රධාන ඉන්ධන ටැංකියේ ඇති වී තිබෙන සිදුර මෙතෙක් කලක් සකස් නොකිරීම නිසා මේ තත්ත්වය ඇති වී තිබේ. දිනපතා ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර කාර්මිකයන්ට සහ මාඳු ගඟේ සංචාරක බෝට්ටු සේවා පවත්වාගෙන යන ආයතන වලට ද මේ ප්‍රශ්නය දැඩි ‍සේ බලපා ඇත.

ප්‍රදේශයේ භූමිතෙල් නොමැති නිසා කුලී රථ යොදවා ගෙන අහුන්ගල්ල ප්‍රදේශයෙන් භූමිතෙල් මිලදී ගෙන ධීවර කර්මාන්තයේ සහ සංචාරක බෝට්ටු සේවයේ යෙදෙන බව ඔව්හු පවසති. ඉන්ධන ටැංකි‍යේ ඇති වී තිබෙන සිදුර සකස් කිරීමට මෙතෙක් පියවරක් නොගැනීමෙන් භූමිතෙල් භාවිතා කරන සාමාන්‍ය ජනතාවද අසරණව සිටිති.

ධීවර කර්මාන්තයේ සහ සංචාරක බෝට්ටු සේවයේ යෙදෙන ජනතාව වැඩි වශයෙන් භූමිතෙල් භාවිතා කරන නිසා ටැංකියේ අළුත්වැඩියා සිදුකර භූමිතෙල් ගෙන ඒමට පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ගෙන් ඔව්හු වැඩිදුරටත් ඉල්ලා සිටිති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]