මුද්‍රණය සඳහා

 
බවුසර්-අනතුරෙන් අයෙකුට බරපතළයි

බවුසර්-අනතුරෙන් අයෙකුට බරපතළයි

පුත්තලම - හලාවත පාරේ ධානය වූ ඩීසල් බවුසරයක් සහ යතුරුපැදියක් එකට හැපීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ යතුරුපැදිකරු හලාවත රෝහලට අතුල් කර ඇත.

පසුගියදා පුත්තලම - හලාවත පාරේ තාරවිල්ලුවේදී සිදුවූ මේ ඩීසල් බවුසර් - යතුරුපැදි අනතුරෙන් තුවාල ලබා මෙසේ රෝහල්ගතකර ඇත්තේ තාරවිල්ලුවේ එන්.එම්. සුසන්ත නමැති අයෙකි.

හලාවත දෙස සිට පුත්තලම දෙසට ධාවනයවූ ඩීසල් බවුසරයෙහි යතුරුපැදිය හැපීමෙන් මේ අනතුර සිදුවී ඇති බව අනතුර පිළිබඳව පැවැත්වූ මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]