ෆියුචර් මයින්ඩ්ස් බීච් රගර් ගල්කිස්සේ දී

ෆියුචර් මයින්ඩ්ස් බීච් රගර් ගල්කිස්සේ දී

ද ෆියුචර් මයින්ඩ් ලේකම් කාර්යාලය සංවිධාන කරන ෆියුචර් මයින්ඩ් බීච් රගර් සැණකෙළිය ලබන මස 2වැනිදා ගල්කිස්ස සර්ෆ් ක්ලබ් වෙරළ තීරයේදී පැවැත්වේ.

අන්තර්ජාතික හා ජාතික පාසල් 16ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය රගර් සංගමයේ හා ශ්‍රී ලංකා පාසල් රගර් සංගමයේ සහයෝගය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් සංවිධාන කොට ඇත.

ෆියුචර් මයින්ඩ්ස් එක්ස්පෝ සඳහා ප්‍රවර්ධනාත්මක ඉසව්වකට අමතරව තරගාවලියේ ප්‍රධාන අරමුණ වන්නේ බීච් ටැග් රගර් පාසල් ජනප්‍රිය කිරීමයි. රගර් තරගාවලිය නිමවීමෙන් පසු ෆියුචර් මයින්ඩ් පවුලේ ප්‍රධානතම ඉසව්ව වන ෆියුචර් මයින්ඩ්ස් එක්ස්පෝ ප්‍රධාන නගර තුනකදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා