ක්ලිෆර්ඩ් කුසලාන රගර් හෙට සිට

ක්ලිෆර්ඩ් කුසලාන රගර් හෙට සිට

අන්තර් සමාජ ලීග් රගර් තරගාවලියේ ශූරතාව දිනූ අපරාජිත නාවික හමුදා කණ්ඩායම තවත් කුසලානයක් අත්කර ගැනීමේ අරමුණින් හෙට ඇරැඹෙන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ සිය පළමු තරගයට මුහුණදීමට නියමිතය. දිවාරාත්‍රී තරගයක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම සමග තුරඟ තරග පිටියේ දී මේ තරගය පැවැත්වේ.

රෝහිත රාජපක්ෂගේ ‍නායකත්වයෙන් යුතු නාවික හමුදා කණ්ඩායම දේශීය රගර් පිටියේ ආධිපත්‍ය පතුරුවමින් ක්ලිෆර්ඩ් කුසලානය ද අත්කර ගැනීමේ වැඩි ඉඩකඩක් ඇතැයි රගර් ප්‍රවීනයන්ගේ අදහස වී තිබේ.

තරගාවලියේ දෙවැනි තරගය ලෙස අනිද්දා (28) අප්කන්ට්‍රි ලයන්ස් සහ සී.ආර්.කණ්ඩායම අතර දිවාරාත්‍රී තරගය තුරඟ තරග පිටියේ පැවැත්වේ.

ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ පසුගිය වසරේ ශූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජය සහ මෙවර ලීග් තරගාවලියේ පළඟ ශූරතාව දිනූ පොලිස් කණ්ඩායම අතර තරගය ලබන මාර්තු මස 1වැනිදා නිත්තවෙලදී පැවැත්වීමට නියමිතය. හැව්ලොක්ස් කණ්ඩායම සහ යුද හමුදාව අතර තරගය එදිනම තුරඟ තරග පිටියේ දිවාරාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව තරග මාර්තු මස 4 සහ 5දෙදිනත්, අවසන් මහා තරගය මාර්තු මස 9වැනිදාත් තුරඟ තරග පිටියේ දිවාරාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා