කළුගල් කඩා ලෝක වාර්තාවක් පිහිටුවීමට යයි

කළුගල් කඩා ලෝක වාර්තාවක් පිහිටුවීමට යයි

කළුගල් වර්ග අඩි 200ක් තම පපුව මත තබා කුළුගෙඩි පහරින් කඩා දැමීමෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට හොරණ එම්.එස්.එදිරිසිංහ සුදානම් වෙයි.

ලබන මස 2වැනිදා ප.ව.3.00ට හොරණ මහජන ක්‍රීඩාංගණයේදී මේ සංදර්ශනය පැවැත්වීමට සුදානම් කොට ඇතැයි ඇත්දොළුකන්දේ වීරයා ලෙස නම් දරා සිටින ඔහු පවසයි.

මෙමගින් ගිනස් වාර්තා පිහිටුවීමට අපේක්ෂා කළද ගිනස් කමිටු නිලධාරීන් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මුදල් නොමැතිකමින් ශ්‍රී ලංකික නිරීක්ෂකයන් පිරිසකගේ නිරීක්ෂණයෙන් මෙය සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා