අමෙරිකා හමුදාවේ සෙබළු ගණන බස්සයි

අමෙරිකා හමුදාවේ සෙබළු ගණන බස්සයි

දශකයකටත් වැඩි කාලයක ගොඩබිම් සටන් වලින් පසු එක්සත් ජනපද හමුදාවේ සංශෝධනයක් සිදුකිරීමට පෙන්ටගනය සැලසුම් කර තිබේ. මේ අනුව දෙවන ලෝක යුද්ධයට පෙරාතුව පැවති අවම මට්ටම දක්වා 8/1 කින් හමුදා සෙබළ සංඛ්‍යාව අඩුකිරිමට අදහස් කොට ඇති බව පැවසේ.

නවයුගයකට සරිලන ලෙස හමුදාව සැකසිය යුතු බව පවසන ආරක්ෂක ලේකම් චක් හේගල් ක්‍රියාත්මක රාජකාරියේ යෙදෙන සෙබළ සංඛ්‍යාව 520000 සිට 440000-450000 දක්වා අඩුකිරීමට නි‍ර්දේශ කර ඇත. ‍

යෝජිත ආරක්ෂක වියදම් වල දළ සැලැස්මක් ඉදිරිපත් කරමින් ඔහු පෙරේදා කියා සිටියේ ඉරාකයේ හා ඇ‍‍ෆ්ගනිස්තානයේ යුද ක්‍රියාවලින් පසු තවත් දිගුකාලීන ස්ථාවර යුද්ධයන් හි නියැලීමට හමුදා නායකත්වය සැලසුම් නොකරන බවයි. කොංග්‍රසයේ අනුමැතිය ලද හොත් අමෙරිකානු හමුදාව 1940 පටන් පැවති අවම සංඛ්‍යාව දක්වා අඩු කරනුලබනු බව චක්හේගල් කීවේය.

‍‍මේ අනුව අමෙරිකානු හමුදාව 13% කින් අඩුකිරීම 2017 වන විට සිදුවනු ඇතැයි නිර්නාමික හමුදා නිලධාරියකු පවසා ඇත.2010 වනවිට හමුදාව 560000 ක උපරිමයකට ළඟාව ඇතැයිද ඔහු කීවේය.

එක්සත් ජනපදය 2011 දී ඉරාකයෙන් හමුදාව ඉවත් කරගත් අතර මේ වසර අවසානයේ ඇෆ්ගනිස්තානයෙන්ද හමුදාව ඉවත් කරගන්නා බව ප්‍රකාශ කර තිබේ. හමුදාවේ ජාතික නියාමකයින් හා අතිරේක බළකායන්ද 5%කින් කප්පාදු කරන බව හේගල් කියා තිබේ. මෙසේ හමුදා සංඛ්‍යා කප්පාදුව

අවදානම් සහගත ක්‍රියාවක් බැවින් මූලික යුද්ධ දෙකක නිරතව සිටීමේ හැකියාව දැන් අත්හැර දමා ඇති බව පවසන ඔහු හමුදා සංඛ්‍යාවේ මෙවන් කප්පාදුවක් සිදුකළද තවදුරටත් එක්සත් ජනපද හමුදාව ලොව විශාලතම හමුදාවක් ලෙස පවතිනු ඇති‍සේම ආරක්ෂක වියදම් අතින් සෙසු රටවල් අගුටුමිට්ටන් බවට පත්කරනු ඇතැයිද කියා සිටියේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා