මුද්‍රණය සඳහා

 
බස්නාහිර-දකුණ ඡන්ද පත්‍රිකා හෙට තැපැල් කාර්යාලවලට

බස්නාහිර-දකුණ ඡන්ද පත්‍රිකා හෙට තැපැල් කාර්යාලවලට

බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද පත්‍රිකා හෙට (4) දින තැපැල් කාර්යාලවලට යැවෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

මෙම මස 29 වැනි දින පැවැත්වෙන මෙවර පළාත් සභා මැතිවරණයේ ජන්දය භාවිත කිරීම සඳහා ජන්ද හිමියන් පනස් හත් ලක්ෂ හැත්තෑ එක් දහස් හයසිය තිස්තුන් දෙනෙක් ( 57,71,633) සුදුසුකම් ලබා ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහමඩ් මහතා සඳහන් කළේ ය.

හෙට (04) සිට මේ මස 21 වැනිදා දක්වා ජන්ද පත්‍රිකා බෙදාහැරීම සිදු කෙරෙන බව කී නියෝජය කොමසාරිස්වරයා අතිරේක දිනයක් ලෙස 16 වැනි ඉරු දිනද බෙදා හැරිම් කටයුතු සිදු කෙරෙන බව අනාවරණය කළේ ය.

මෙවර මැතිවරණයේදී බස්නාහිර පළාතෙන් ජන්දය භාවිත කිරීම සඳහා තිස්නව ලක්ෂ හැට දහස් හත්සිය අනූ දෙනෙක් (39,60,790) සුදුසුකම් ලබා ඇතැයිද දකුණු පළාතෙන් ජන්දය භාවිත කිරීම සඳහා දහඅට ලක්ෂ දස දහස් අටසිය හතළිස් දෙදෙනෙක් (18,10,842) සුදුසුකම් ලබා ඇතැයිද ඒ මහතා සඳහන් කළේ ය.

දිස්ත්‍රික් මට්ටමින් තැපැල් ජන්ද දායකයින්ද සමඟින් වැඩිම ජන්ද දායකයින් පිරිස වන පහළොස් ලක්ෂ අනූ දහස් හැත්තෑ හය දෙනෙක් ගම්පහින් සුදුසුකම් ලබා ඇතැයිද අඩුම ජන්ද දායකයින් පිරිස වන ජන්ද දායකයින් හාර ලක්ෂ පනස් පන්දහස් තුන්සිය අනූ අට දෙනෙක් (4,55,398) හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා ඇතැයිද හෙතෙම අනාවරණය කළේ ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]