මුද්‍රණය සඳහා

 
නව වැනි දැයට කිරුළ මාතර

නව වැනි දැයට කිරුළ මාතර

ජාතියේ සංවර්ධන මඟ ලොවට කියන දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ නව වැනි පියවර මාතර දිස්ත්‍රික්කයේ පැවැත්වීමට තීරණය කර තිබේ.

ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා සුදුසු භූමියක් සොයා බැලීම සඳහා මෙමස 19 වැනිදා මාතර දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ සංචාරයක නිරත වන බව දැයට කිරුළ ප්‍රදර්ශන කමිටුවේ සභාපති, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව සිදු කෙරෙන දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළින් ලබන වසරේ මාතර, ගාල්ල, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්ක සංවර්ධනය කිරීමට සූදානමින් සිටින බවත් ඇමැතිවරයා පැවසීය. කුලියාපිටිය දැයට කිරුළ ප්‍රදර්ශනයේ සිට ආරම්භ කෙරුණු ජනතා ගැටලු විසැඳීමේ ජංගම සේවාවේ පිහිට ද මේ දිස්ත්‍රික්ක තුනෙහි ජනතාවට මේ අනුව හිමිවේ.

මාතර දිස්ත්‍රික්කයේ කෙරෙන නිරීක්ෂණ චාරිකාවට එක් වන ලෙසත් ඇමැතිවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]