සමාජීය-ආගමික-සංස්කෘතිය මෙහෙය අගයමින් ඇමැති විමල් වීරවංශට ගෞරව නාම

සමාජීය-ආගමික-සංස්කෘතිය මෙහෙය අගයමින් ඇමැති විමල් වීරවංශට ගෞරව නාම

ඇමැතිවරයාට ගෞරව සම්මානය පිරිනැමූ අයුරු

රට, ජාතිය රැකගැනීම වෙනුවෙන් නිර්භීතව ලබාදෙන දායකත්වය හා සමාජීය, සංස්කෘතික, ආගමික වශයෙන් ඉටුකරන සමාජ මෙහෙවර අගය කිරීම සඳහා, මහා සංඝරත්නයේ ආශිර්වාදය පිරිනැමීම වෙනුවෙන් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාට “ ජනහිතකාමී දේශ හිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර ” ගෞරව නාමය මහා සංඝරත්නය විසින් පිරිනැමූහ.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දවුල්දෙන ඤානිස්සර නායක ස්වාමින් වහන්සේ විසින් එම ගෞරව නාම සන්නස්පත්‍රය මහනුවර, පොල්ගොල්ල ශාලවන බෝධි මහා විහාරස්ථානයේදී විමල් වීරවංශ අමාත්‍යවරයාට ඊයේ (01) දින පිරිනැමූනි.

මෙම සන්නස් පත්‍රය පිරිණැමීම සඳහා ආශිර්වාද පිරණමමින් මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අතිගරු මහනායක උඩගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන නායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමීන් වහන්සේ,මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමි , ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභා කාරක සංඝ සභික උඩරට අමරපුර මහා නිකායේ අධිකරණ සංඝනායක ගෞරවාර්හ නියංගොඩ සමිද්ධි මංගල නායක ස්වාමින් වහන්සේ,උඩරට අමරපුර මහා නිකායේ මහා නායක තෙරිපැහැ සෝමානන්ද මහානායක ස්වාමින් වහන්සේ,ශ්‍රි ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහෝපාද්‍ය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවාස ස්වාමින් වහන්සේ,උඩරට අමරපුර මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති අනුනායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඤ්ඤා ලේඛකාධිකාරී පූජ්‍යපාද අංකුඹුරේ පේමවංශ නායක ස්වාමින් වහන්සේ ඇතුළු ත්‍රෛයි නිකායික මහා නායක ස්වාමින් වහන්සේ විශාල පිරිසක් මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

මෙම උත්සව අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අමාත්‍යවරයාගේ මහනුවර දිස්ත්‍රික්සම්බන්ධීකරණ ලේකම් නිමල් ප්‍රේමවංශ , මධ්‍යම පළාත් මන්ත්‍රිනී චිත්‍රා ශ්‍රීමතී මන්තිලක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්ස, මධ්‍යම පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අඹන්පොල යන මහත්ම මහත්මීහු, විදේශීය බෞද්ධ දූත පිරිස්, දායක දායිකාවෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා