මුද්‍රණය සඳහා

 
ජනපතිතුමනි ඔබතුමාට ගොඩක් පින්

ජනපතිතුමනි ඔබතුමාට ගොඩක් පින්

මර්සි එදිරිසිංහ ප්‍රවීණ කලාකාරිනිය රෝගාතුරව සිටියදී එතුමියට දුරකතනයෙන් කතාකොට ඇගේ සුවදුක් විමසා ඇය වෙනුවෙන් කළයුතු උපරිම මෙහෙය කරන්නට මූලික වූ ජනාධිපතිතුමනි ඔබතුමාට ගොඩක් පින්.

ඔබතුමාගේ උපදේශකත්වය හා අනුදැනුම මත ඇය වෙනුවෙන් සිය හෘදය සංවේදිත්වය පුද කළ සෞඛ්‍ය අමාත්‍යතුමන් ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයත් සංස්කෘතික අමාත්‍යතුමන් ප්‍රමුඛ සංස්කෘතික අමාත්‍යාංශයටත්, ජනමාධ්‍ය අමාත්‍යතුමාටත්, රත්නසිරි වික්‍රමනායක ජ්‍යෙෂ්ඨ අමාත්‍යතුමාටත් මර්සි එදිරිසිංහ කලාකාරිනිය සුවපත් කිරීමට දුන් සුවිශේෂි සහය කලාකරුවන් වෙනුවෙන් ඉතා උසස් කොට සලකමු.

ඇය වෙනුවෙන් ජාතික රූපවාහිනිය මැදිහත්ව පැවැත්වූ ‘හසරාජිණි’ ප්‍රසංගයේදී ද විශේෂ ආධාරයක් ඇය වෙනුවෙන් ලබාදීම සියලු කලාකරුවන්ගේ ප්‍රසාදයට ලක්විය.

මෙම සද්කාරයේදී පක්ෂ විපක්ෂ නොබලා සහය දුන් කරුජයසූරිය ප්‍රමුඛ විපක්ෂයේ සියලුදෙනාටත් නොමිලයේ ප්‍රසංගය සංගීතවත් කළ අජිත් විතානගේ ප්‍රමුඛ සීදූව සකුරා සංගීත කණ්ඩායමට, විදුලි ආලෝකය නොමිලේ සැපයූ නිමල් බුලත්සිංහල මහතාටත්, ශාලාව නොමිලේ ලබාදුන් රාජකීය විද්‍යාලයීය විදුහල්පති උපාලි ගුණසේකර මැතිතුමාත් වේදිකා පසුතල සැපයූ ශර්ලි අනිල් ද සිල්වා ප්‍රමුඛ රූපවාහිනි පසුතල අංශයටත් සිය සහෝදරත්වයෙන් ඇය වෙනුවෙන් ගී ගයන්නට පැමිණි සියලු ශිල්පීන්ටත් සියලු පූර්ව ප්‍රචාර කටයුතු කළ පුවත්පත් හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඇතුළු සියලු විද්‍යුත් මාධ්‍යයටත් පවර ප්‍රකාශන සමාගමටත්, මල් සැරසිලි කළ නිර්මාණකරුවන්ටත් මෙම කටයුත්ත මෙහෙයවූ හඬකැවීම් හා උපසිරැසි එකමුතුවේ ලේකම්තුමිය, සභාපතිතුමා ප්‍රමුඛ සියලු දෙනාටත් මේ උත්තුංග කාර්යයේදී අපට මගපෙන්වූ ගරු ජනමාධ්‍ය ලේකම්තුමා මෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති විමල් රූබසිංහ මැතිතුමා, අධ්‍යක්ෂක ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මැතිතුමා, ප්‍රධාන විධායක නිලධාරි ගාමිණී රාසපුත්‍ර මැතිතුමාද, මර්සි එදිරිසිංහ කලාකාරිනිය, රෝගිවූ මොහොතේ සිට උවටැන් කළ ගම්පහ ‘සෙත්මා’ රෝහලේ වෛද්‍යවරු ඇතුළු හෙද කාර්යමණ්ඩලයටත්,

එමෙන්ම ඇගේ ජීවිතය පිළිබඳ ග්‍රන්ථයක් කඩිනමින් සම්පාදනය කරදුන් සිරි සුමන ගොඩගේ මැතිතුමාටත්, එහි කතුවරිය වන නෙරංජලා හේමමාලා ලේඛිකාවටත්, මර්සි එදිරිසිංහ වෙනුවෙන් විශේෂ ආධාර ප්‍රදානය කළ කලාකාමි සැමටත් අපගේ ගෞරව පූර්වක ප්‍රසාදය හා ස්තුතිය පුදකරමු.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]