මහ සිකුරාදා අද

කිතුනු ජනතාවගේ අධ්‍යාත්මික නායකයාණන් වූ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ ඇණ ගැසූ මහ සිකුරාදා දිනය අදට (18) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් අද පස්වරු 3ට සියලුම කිතුනු දේවස්ථානවල  පැය 3ක දේව මෙහෙයක් පැවැත්වේ.

විස්තර»


ලෝක තරුණ සමුළුවට තව දින 18යි

මෙවර ලෝක තරුණ සමුළුවට ඉදිරිපත් කරන කොළඹ ප්‍රකාශනය මගින් තරුණයා ජාත්‍යන්තරයට ගෙනයාමත්, සංවර්ධනයට දායක කර ගැනීමටත් හැකිවන බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කියයි.

විස්තර»


අපේ එකම ශක්තිය සමගිය හා සහයොගයයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 මාර්තු 24වැනිදා, හම්බන්තොට දී



0


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

එල්ටීටීඊ ජාත්‍යන්තර ක්‍රියා ගැන ලොව ඇතැම් රටවල් අන්ධ වෙලා

ආසියානු ආරක්ෂක සේවා සමුළුවේ දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියයි

ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක්

ත්‍රස්ත ක්‍රියා නැවත ඇරඹීමට තැත්කරන බවට ඉඟියක්

දෙමළ ඩයස්පෝරාව හරහා රටවල් 30කින් කොටින්ට ආධාර උපකාර

ශ්‍රී ලංකාව තුළ තව දුරටත් ත්‍රස්තවාදය නැතත් දේශපාලන ක්‍රියාකාරීත්වය හා මානුෂවාදී සහන සැලසීම මුවාවෙන් බාධාවකින් තොරව ලොව පුරා ක්‍රියාත්මක වන එල්. ටී. ටී ඊ ත්‍රස්තවාදීන්ගේ ජාත්‍යන්තර පෙරමුණු කෙරෙහි ලොව ඇතැම් රටවල් අන්ධ වී සිටින බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

විස්තර»

බ්‍රිතාන්‍ය දෙමළ සංගමය මෙරට හමුදා නිලධාරීන්ගේ තොරතුරු සොරාගෙන

නිලධාරීන් 1000කගේ තොරතුරු අන්තර්ජාලයේ

දෙමළ සංවිධාන හා පුද්ගලයන් කීපදෙනකු ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීම හේතුකොටගෙන බ්‍රිතාන්‍ය දෙමළ සංගමය මෙරට හමුදා නිලධාරීන් 1000 කගේ පමණ තොරතුරු සොරාගෙන ඔවුන්ගේ වෙබ් අඩවි‍යක් මඟින් ප්‍රචාරය ‍කර ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ඊයේ (17 දා) පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. ඒ මහතා එම ප්‍රකාශය කළේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විස්තර»

රට පැන සිටින කොටි 40කට ඉන්ටර්පෝල් වෙතින් රතු එළියක්

විදේශගතව සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 40ක් හා වෙනත් සිද්ධීන්ට සම්බන්ධ සැකකරුවන් 56 දෙනෙකුට මේ වනවිට ඉන්ටපෝල් (ජාත්‍යන්තර පොලිසිය) සමඟ එක්ව රතු නිවේදන නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේ ත්‍රස්ත ක්‍රියා මෙන්ම වෙනත් වැරැදි ක්‍රියාවන් සිදුවීම මර්දනය කිරීමට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ සහය ලබාදීමට බව ද ඒ මහතා ඊයේ (17) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කීය.

විස්තර»

මහවැලි බී-සී කලාපවල ගොවීන් 5000කට  ඉඩම් ඔප්පු

ඉඩමට හිමිකම් පත්‍රයක් නොමැතිව මහවැලි බී සහ සී කලාපයේ ගොවීන් දිගු කලක් විඳි දුක සදහටම තුරන් කරමින් තවත් මහවැලි ගොවීන් 5000කට ඉඩම් ඔප්පු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් හෙට (19) ප්‍රදානය කෙරේ. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගිරාඳුරුකෝට්ටේ දී හෙට පැවැත්වෙන්නේ මහවැලි කලාපයේ ගොවීන් 45,000කට ඉඩම් ඔප්පු ලබා දීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළේ තෙවැනි අදියරයි.

විස්තර»

උඩුනුවර එජාප ප්‍රා.සභා මන්ත්‍රී තිදරු පියාට පහර දී පලා ගිහින්

තුවාලකරු රෝහලේ

උඩුනුවර ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී සමන්ත ලියනගේ නැමැති අය කළ බව කියන පහරදීමකින් බරපතළ තුවාල ලත් පුද්ගලයකු මහනුවර මහ රෝහලේ ස්නායු ශල්‍ය ‍දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කැර තිබේ. මාම්පිටිය හන්දෙස්ස ප්‍රදේශයේ දී මේ පහරදීම සිදුකර තිබෙන අතර සිද්ධියෙන් තුවාල ලැබ ඇත්තේ එම්. ජී. ජයතිලක (37) නැමැති තිදරු පියෙකි. තුවාලකරු මාම්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පේරාදෙණිය රෝහලට මාරුකර එවා ඇති අතර තත්ත්වය බරපතළ වීම නිසා යළිත් ඔහුව මහනුවර මහ රෝහලට මාරුකර එවා ඇත.

විස්තර»

මහ මන්මුනේ පාලම ජනපති අතින් ජනතා අයිතියට

මන්මුනේ කාතන්කුඩි වෙරළ ආසන්නයේ ඉදිකර ඇති මහ මන්මුනේ පාලම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් හෙට (19) ජනතා අයිතියට පත් කෙරේ. මීටර් 210ක දිගකින් සහ මීටර් 9.8 ක පළලකින් යුත් මෙම පාලමට සමාන්තරව පදිකයන්ට යා හැකි අන්දමේ මීටර් 488ක දිගකින් සහ මීටර් 10ක සපත්තු පාලමක් ද ඉදි කර ඇත.මන්මුනෙයි පාලම ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1870ක් වැය කර ඇති අතර ජපාන ජාත්‍යන්තර සහයෝගිතා පදනම සහ ශ්‍රී ලංකා රජය ඒ සඳහා ප්‍රතිපාදන සපයා ඇත.

විස්තර»

මුද්‍රිත මාධ්‍යවල පළවන බුදුරජාණන් වහන්සේගේ රුව සහිත පත්තර කඩදාසි ආපනශාලාවල අත පිසීමට පවා තබා ඇති බැවින් එය නතර කිරීමට කිසියම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියෝ ඊයේ (17) ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරමින් ඊට අදාළ මහජන ‍අස්සන් සහිත සංදේශයක් ජනපතිට බාර දුන් අවස්ථාව. මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක සහ දියවඩන නිලමේ නිලංග දෑල මහත්වරුද මෙහි වෙති. ඡායාරූපය - චන්දන පෙරේරා

විස්තර»



 



 


 

සිංහල දෙමළ එකමුතුකම සුහදකම
ඉවසනු බැරිව කෙනෙහිලිකම් කරන තම
කැනඩාවට කියමු බිය සැක නොමැතිවම
හොල්ලනු බැරිය සිහසුන මේ සිහල බිම