මාධ්‍යවේදියකුට පහරදී කැමරා උපකරණ පැහැර ගත් සිද්ධිය ගැන විධිමත් පරීක්ෂණයක් ඕනෑ

මාධ්‍යවේදියකුට පහරදී කැමරා උපකරණ පැහැර ගත් සිද්ධිය ගැන විධිමත් පරීක්ෂණයක් ඕනෑ

සත්කෝරළ නිදහස් මාධ්‍ය සංසදය

හෙට්ටිපොළ ප්‍රදේශයේ විද්‍යුත් මාධ්‍යවේදියකුට අමානුෂික ලෙස හිරිහැර කර ඔහු සතු කැමරා උපකරණ සහ මාධ්‍ය හැඳුනුම්පත පැහැරගත් නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරයා පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙස සත්කෝරල නිදහස් මාධ්‍ය සංසදය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටී.

මයුරපාද මධ්‍ය විද්‍යාලයේ සිදුව ඇතැයි පවසන රුපියල් 1,24,458/-ක මත්පැන් සාදයක් පිළිබඳ සහ වෙනත් දූෂණ පිළිබඳ විදුහල්පතිවරයාගෙන් අදහස් විමසීම සඳහා මාධ්‍යවේදී අසංක බාලසූරිය මහතා විදුහලට ගිය අවස්ථාවේ දී මේ පහරදීමට ලක්ව ඇත.

මේ වනවිට අදාළ විදුහල්පතිවරයා නාරම්මල පොලිසිය මඟින් පොලිස් ඇප මත නිදහස් කර මේ මස 23 දින නාරම්මල උසාවියට ඉදිරිපත් කරන බව නාරම්මල පොලිසිය පවසයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා