උඩුනුවර එජාප ප්‍රා.සභා මන්ත්‍රී තිදරු පියාට පහර දී පලා ගිහින්

උඩුනුවර එජාප ප්‍රා.සභා මන්ත්‍රී තිදරු පියාට පහර දී පලා ගිහින්

තුවාලකරු රෝහලේ

උඩුනුවර ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී සමන්ත ලියනගේ නැමැති අය කළ බව කියන පහරදීමකින් බරපතළ තුවාල ලත් පුද්ගලයකු මහනුවර මහ රෝහලේ ස්නායු ශල්‍ය ‍දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කැර තිබේ.

මාම්පිටිය හන්දෙස්ස ප්‍රදේශයේ දී මේ පහරදීම සිදුකර තිබෙන අතර සිද්ධියෙන් තුවාල ලැබ ඇත්තේ එම්. ජී. ජයතිලක (37) නැමැති තිදරු පියෙකි. තුවාලකරු මාම්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පේරාදෙණිය රෝහලට මාරුකර එවා ඇති අතර තත්ත්වය බරපතළ වීම නිසා යළිත් ඔහුව මහනුවර මහ රෝහලට මාරුකර එවා ඇත.

සැකකාර මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

තම සැමියාට පහරදීමෙන් පසු ඔහු ඇද වැටී තුවාල ලත් බව කියමින් මන්ත්‍රීවරයා සැමියාව රෝහල්ගත කර තිබෙන බවත් මෙම සිද්ධිය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් දවුලගල පොලිසියෙන් සිදුනොවුණ නිසා මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිද්ධිය පිළිබඳ පැමිණිලි කළ බවත් ‍පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිය වන ඉන්ද්‍රානි කුමාරි නැමැති අය පැවැසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා