මහවැලි බී-සී කලාපවල ගොවීන් 5000කට  ඉඩම් ඔප්පු

මහවැලි බී-සී කලාපවල ගොවීන් 5000කට  ඉඩම් ඔප්පු

ධනුෂ්ක ගොඩකුඹුර

ඉඩමට හිමිකම් පත්‍රයක් නොමැතිව මහවැලි බී සහ සී කලාපයේ ගොවීන් දිගු කලක් විඳි දුක සදහටම තුරන් කරමින් තවත් මහවැලි ගොවීන් 5000කට ඉඩම් ඔප්පු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් හෙට (19) ප්‍රදානය කෙරේ.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගිරාඳුරුකෝට්ටේ දී හෙට පැවැත්වෙන්නේ මහවැලි කලාපයේ ගොවීන් 45,000කට ඉඩම් ඔප්පු ලබා දීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළේ තෙවැනි අදියරයි.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දී මහවැලි ගොවීන් හමු වූ අවස්ථාවේ දී එම ගොවීන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිතුමා දුන් ප්‍රතිඥාවක් අනුව වාර්මාර්ග හා ජලසම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා